තවත් ජොබ් කරන්න නීති හදලා දෙන්න – ඇමැති මනුෂට ලිපියක්

174

රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සේවයේ නිරත වන ස්ථිර සේවකයන්ට වෙනත් ආයතනවල සිය වෘත්තිය පැය කිහිපයක් කළ හැකිවන නීති සකස්කරන ලෙස විද්වත් වෘත්තිකයන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටියි.

මෙරට පිරිස් විදෙස් රැකියාවලට ගොස් අමතර කාලයක් වෙනත් රැකියාවල නිරත වී රැකියාවෙන් ලැබෙන මුදලට වඩා අමතර ආදායමක් ලබන බවත්, ඒ ආකාරයෙන් මෙරටදී ද ක්‍රියාකළ හැකි ලෙස නීති සකස්කරන ලෙස ඉල්ලා සිටින බවත් කියමින් එම සංගමයේ සභාපති ඩුලිප් පෙරේරා මහතා කම්කරු හා විදේශ රැකියා ප්‍රවර්ධන ඇමැති  මනුෂ නානායක්කාර මහතා හමුවී ලිපියක් භාරදී ඇත.

මෙහිදී දැනට පවතින කම්කරු නීති සංශෝධනය කරමින් උසස් අධ්‍යාපනයට සම්බන්ධ වන රැකියාවල නිරත කම්කරුවන් සහ සිසුන් ඇතුළු සියලු දෙනාටම සියලු අංශවල (රාජ්‍ය හා පෞද්ගලික අංශයේ) අර්ධ කාලීන  රැකියා හඳුන්වාදෙන ලෙස ඉල්ලා ඇත.

එමෙන්ම අවුරුදු 60 න් විශ්‍රාම යන සේවකයන් සඳහා සුපිරි විශ්‍රාම/පර්යන්ත ප්‍රතිලාභ/ මාතෘ ප්‍රතිලාභ බලාත්මක නොකර ඒ අය වෙනුවෙන් පෞද්ගලික රක්ෂණයක් සකස්කිරීමට පියවර ගන්නා ලෙස ද ඉල්ලා ඇත. සියලුම රැකියා කරන පුද්ගලයන් සතියකට පැය 20 ක වැඩකට සීමාකර අර්ධ කාලීන රැකියාවක් ලෙස දිනකට පැය 04 කට සීමා කිරීම ඇතුළු ක්‍රියාමාර්ග කිහිපයක් ගැන අවධානය යොමු කරන ලෙස ද විද්වත් වෘත්තිකයන්ගේ සංගමය ඇමැතිවරයාගෙන් ඉල්ලා ඇත.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment