තවත් ඩෙල්ටා ප්ලස් ප‍්‍රභේදයක් රටට ඇතුළු වීමේ අවදානමක් -වෛද්‍ය සෙනාල් ප‍්‍රනාන්දු

76

තවත් කොවිඞ් ඩෙල්ටා ප්ලස් ප‍්‍රභේදයක් ශ‍්‍රී ලංකාවට ඇතුළුවීමේ අවදානමක් මතුවී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප‍්‍රනාන්දු මහතා ‘දිවයින’ට ඊයේ (01දා) පැවැසීය.

සංචාරකයන් මෙරටට පැමිණීමත් සමඟ එම අවදානම මතුවී ඇතැයි ද හෙතෙම කීය.

එබැවින් ජාන පරීක්‍ෂණ වැඩි වැඩියෙන් සිදුකර එම වෛරස් ප‍්‍රභේදය ලංකාවට ඇතුළු වී තිබේ දැයි සම්බන්ධයෙන් සොයාබලන ලෙස හෙතෙම සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

මේ පිළිබඳව අදහස් දක්වමින් වෛද්‍ය සෙනාල් ප‍්‍රනාන්දු මහතා මෙසේද කීය.

දැන් තත්ත්වය අනුව කොවිඞ් ඩෙල්ටා ප්ලස් ප‍්‍රභේදය රට තුළට එන්න පුළුවන්. සමහර විට ඇවිත් තියෙන්නත් පුළුවන්. ඒ නිසා මේ වෙලාවේ වැඩි වැඩියෙන් ජාන පරීක්‍ෂණ කිරීම ඉතා වැදගත්. ජනතාව පුළුවන් තරම් පරිස්සම් වෙන්න ඕනෑ. සෞඛ්‍ය උපදෙස් නිසිලෙස කි‍්‍රයාත්මක කරන්න ඕනෑ. කොවිඞ් නව ප‍්‍රභේද රට තුළ තියෙනවාද? ඒවා රට තුළට ඇතුල්වෙන්න පුළුවන්ද? කියලා සෞඛ්‍ය අංශ සොයා බලන්න ඕනෑ.

කොවිඞ් පොකුරු වැඩි වැඩියෙන් හැදෙන ප‍්‍රදේශ හඳුනාගෙන ඒ ප‍්‍රදේශවලට සංචරණ සීමා පැනවීම සිදුකර රජය හරි කි‍්‍රයාමාර්ග ගන්න ඕනෑ.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment