තවත් තරගයක් ඉතිරිව තිබියදී ශී‍්‍ර ලංකාව එක්දින තරගාවලියත් පරදී

187

 සත්කාරක එංගලන්තය සමගින් පැවැති දෙවැනි එක්දින තරගයේදී කඩුලූ 8ක පරාජයක් අත් විඳීමට ශී‍්‍ර ලංකා කණ්ඩායමට සිදුවිය. එ් අනුව දෙරට අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදී තරගාවලියේ ජය හිමිකර ගැනීමට එංගලන්තය සමත්විය.
 
 නිමාවට පත්වූ තරගයත් සමගින් ජාත්‍යන්තර එක්දින තරග 860කට කී‍්‍රඩා කර ඇති ශී‍්‍ර ලංකාව එහිදී ජයග‍්‍රහණ 390ක් වාර්තා කිරීමට සමත් වී තිබේ. එහිදී තරග 5ක් ලකුණු සමවීමෙන් නිමාවට පත්වී ඇති අතර විසඳුමකින් තොරව තරග 37ක් නමාවට පත් වෙද්දී තරග 428ක් පරාජයට පත්වන්නට ශී‍්‍ර ලංකා කණ්ඩායමට සිදු වී තිබේ. මීට පෙර වැඩිම ජාත්‍යන්තර එක්දින තරග පරාජයට පත්වී ඇති රට ලෙසින් ඉන්දීය කණ්ඩායම නම් කර තිබූ අතර (පරාජයන් 247) මේ වනවිට ඉන්දීය කණ්ඩායම පසුකර යෑමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් වී තිබේ.
 
 එංගලන්තය සමගින් පැවැති දෙවැනි එක්දින තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම පන්දුවාර 50දී කඩුලූ 9ක් දැවී ලකුණු 241ක් වාර්තා කිරීමට සමත්විය. එ් අනුව ඕවල් කී‍්‍රඩාංගණයේදී ජයග‍්‍රාහී ඉලක්කය හඹා ගිය සත්කාරක එංගලන්ත කණ්ඩායම පන්දුවාර 43කදී කඩුලූ 2ක් පමණක් දැවී අදාළ ඉලක්කය පසුකර යෑමට සමත් විය.
 
 එංගලන්තයේ ජයග‍්‍රහණය ඉක්මන් කළ නායක ඔයින් මෝගන් ලකුණු 75ක් සහ ජෝ රූට් නොදැවී ලකුණු 68ක් වාර්තා කිරීමට සමත් විය. ඔවුන් දෙදෙනා අතර තුන් වැනි කඩුල්ලට ගොඩනැගුණු නොබිඳුණු ලකුණු 140ක ලකුණු සම්බන්ධතාවය ශී‍්‍ර ලංකාවට එංගලන්තයේදී ලද පිට පිටම ලැබූ දෙවැනි එක්දින තරග පරාජය උරුම කර දුන්නේය.
 
 ශී‍්‍ර ලංකා මුල්පෙළ කඩුලූ 4ක් මුලූ ලකුණු 21කදී දැවී තිබියදී 5 වැනි කඩුල්ලට පිටියට එක් වූ ධනංජය ද සිල්වා සහ වනිදු හසරංග ගරා වැටුණු ශී‍්‍ර ලංකා ඉනිම ශක්තිමත් කරමින් ලකුණු 65ක සම්බන්ධතාවක්
 
 ගොඩනැගීය. වනිදු හසරංග ලකුණු 26කට දැවී ගිය අතර ධනංජය ද සිල්වා පන්දු 91කදී හතරේ පහර 13ක් සමගින් ලකුණු 91කට දැවී ගියේය. දසුන් ශානක ලකුණු 47ක් ලබා ගැනීමට සහ චාමික කරුණාරත්න ලකුණු 21ක දැවී ගියේය.
 
 ශ‍්‍රී ලංකා ඉනිම කඩා බිඳ දැමූ සෑම් කරන් සිය එක්දින පිටියේ හොඳම පන්දු යැවීම ප‍්‍රදර්ශනය කරමින් ලකුණු ලකුණු 48කට ශී‍්‍ර ලංකා ඉනිමේ කඩුලූ 5ක් බිඳ දැමීය. ඬේවිඞ් විලි ලකුණු 64කට කඩුලූ 4ක් බිඳ දැමීය.
 
 දෙරට අතර කි‍්‍රයාත්මක තෙවැනි සහ අවසන් එක්දින තරගය හෙට (04 වැනිදා) පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment