තවත් දරුණු කොවිඩ් ප‍්‍රභේදයකට දොර ඇරිලා – වෛද්‍ය නවීන් ද සොයිසා

188

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොවිඞ් මර්දනයට ලබා දී තිබූ සෞඛ්‍ය මාර්ගෝපදේශයන් උල්ලංඝනය කරමින් කටයුතු කිරීම නිසා ‘ඔමික්‍රෝන්’ විකෘති කොවිඞ් වෛරස් ප‍්‍රභේදයට වඩා ප‍්‍රබල තවත් වෛරස් ප‍්‍රභේද මෙරටින් මතුවීමේ දැඩි අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ‘දිවයින’ට ඊයේ (11 දා) පැවසීය.

රට පුරා දේශපාලන රැස්වීම්, උත්සව, සංගීත ප‍්‍රසංග ආදී ජනතා ඒකරාශීවීම් පැවතියත් එහිදී සෞඛ්‍ය

මාර්ගෝපදේශයන් පිළිබඳව නිසි අවධානයක් යොමුවීමක් පිළිබඳව දක්නට නොලැබීම හේතුවෙන් රට 2019 වර්ෂයේ පැවති කොවිඞ් අවදානම් තත්ත්වය දක්වා යළි ගමන් කිරීමක් පැහැදිලිව දක්නට තිබෙන බව ද වෛද්‍යවරයා සඳහන් කළේය.

මෙම තත්ත්වයන් වළක්වා ගනිමින් කටයුතු කිරීමේ නෛතික අයිතිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇතත් ඔවුන් ඒ පිළිබඳව නිසි අවධානයක් හෝ කි‍්‍රයාත්මක වීමක් නොපෙන්වීම රට දැන දැන නැවත විශාල අවදානමකට යෑමක් බව ද වෛද්‍යවරයා කියා සිටියේය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය නවීන් ද සොයිසා මහතා මෙසේ ද පැවසීය.

සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කළත්, ඒවා යාවත්කාලීන කළත් වැඩක් නැහැ නියමාකාරයෙන් බිම් මට්ටමේ සිටම කි‍්‍රයාත්මක නොවේ නම්.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment