තවත් දෙසතියක් රට වැසිය යුතුයි – ඇමැතිනි සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ

240

කොවිඞ් වසංගතය පාලනය සඳහා රට තවත් සතියක් හෝ දෙකක් වසා තැබීම කළ යුතු යැයි යන්න තම පෞද්ගලික මතය බව කොවිඞ් පාලන රාජ්‍ය ඇමැතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

දිනකට රෝගීන් 5000 ක් වාර්තා වනවා නම් සාමාජය තුළ රෝගීන් 50,000 ක් පමණ සිටිය හැකි යැයි ද ඇය කීවාය.

රට වසා දැමුව ද මරණ සංඛ්‍යාව අඩු වීම සඳහා මාසයක පමණ කාලයක් ගත වනු ඇතැයි ද ඇය කීවාය.

ජනතාව සැමවිටම ස්වයං විනයක් ඇතිව සෞඛ්‍ය පුරුදුවලට අනුගතව කටයුතු කිරීමෙන් කොවිඞ් රෝගයෙන් ආරක්ෂා විය හැකි යැයි ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය. ඇමැතිවරිය මේ බව ප‍්‍රකාශ කළේ රාගම රෝහලට පී. සී. ආර්. යන්ත‍්‍රයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment