තවත් නයිට‍්‍රජන් දියර පොහොර ලීටර් 145152 ක් එයි

111

මෙවර මහ කන්නය සඳහා භාවිත කිරීමට ඉන්දියාවෙන් තවත් නැනෝ නයිට‍්‍රජන් දියර පොහොර ලීටර් එක්ලක්‍ෂ හතළිස්පන්දහස් එකසිය පනස්දෙකක් ඊයේ (04 දා* අලූයම ගුවන් මගින් මෙරටට රැුගෙන එනු ලැබීය.

 හදිසි අවශ්‍යතාවක් සේ සලකා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම පොහොර තොගය ගෙන්වීමට පියවර ගෙන තිබේ. ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව කළ ඉල්ලීමකට අනුව ඉන්දියානු ගුවන් හමුදාවේ අනුග‍්‍රහයෙන් සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් මෙම දියර පොහොර තොගය මෙරටට ගුවන් මගින් නොමිලේ ප‍්‍රවාහනයකර ඇත. මෙම නැනෝ දියර පොහොර දිවයින පුරා පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් ගොවි ජනතාව වෙත ලබාදීමට නියමිතය.

 චමින්ද සිල්වා, අරුණ බෝගහවත්ත, ගුවන් තොටුපළ – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment