තවත් නියෝජ්‍ය පොලිස්පතිවරියෝ තිදෙනෙක්

343

පොලිස් දෙපාර්තමේන්තු ඉතිහාසයේ සුවිශේෂී සිදුවීමක් සනිටුහන් කරමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරියන් තිදෙනකු වහාම ක‍්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පති ධුරය සඳහා උසස් කර ඇත.

එම නිලධාරිනියන් තිදෙනාද සම`ග මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරියෝ සිව්දෙනෙක් රාජකාරි කරමින් සිටිති.

උසස්වීම් ලැබූ නියෝජ්‍ය පොලිස්පතිවරියන් මෙසේය.

රාජ්‍ය බුද්ධි සේවයේ රාජකාරි කළ ඒ. පී. එස්. ඞී. සෙනෙවිරත්න මහත්මිය උසස් වීම් ලැබීමෙන් පසු පර්යේෂණ හා තොරතුරු තාක්‍ෂණ දිසාව භාරව පත් කර ඇත.

පර්යේෂණ හා සංවර්ධන කොට්ඨාසයේ රාජකාරි කළ එස්. ඒ. ආර්. ජයසුන්දර මහත්මිය නියෝජ්‍ය පොලිස්පති තනතුර ලැබීමෙන් පසු ළමා හා කාන්තා අපයෝජන විමර්ශන දිසාව භාරව පත් කර තිබේ.

පොලිස් සුභ සාධක කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරියක වූ ඩබ්ලිව්. ජේ. පද්මිණී මහත්මිය නියෝජ්‍ය පොලිස්පති සුභ සාධක දිසාව භාරව පත් කර ඇත.

පොලිස් දෙපාර්තමේන්තුව තුළ දැනට සිදුවෙමින් පවතින ප‍්‍රතිසංවිධානවලට අනුව ඉදිරියේදී කාන්තා නිලධාරිනියන්ට පොලිස්පති ධුරය දක්වා උසස්වීම් ලබා ගැනීමට අවස්ථාව ලැබී තිබෙන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය මත මෙම උසස්වීම් සිදු කර තිබේ.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment