තවත් පාලම් පාරුවක් පෙරළේ

143

කළුතර දකුණ ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රී කළුගඟේ පාලම් පාරුවක්  පෙරළීමෙන් එක් පුද්ගලයෙකු අතුරුදන්වී තිබේ.

පුද්ගලයින් පස් දෙනෙකු, යතුරුපැදි තුනක් සහ පාපැදියක් සමගින් අදාළ පාලම් පාරුව කළුගඟේ ගල්පාත තොටුපොළේ සිට බොලොස්සගම තොටුපොළ වෙත පැමිණෙමින් සිටියදී එම අනතුර සිදුවී ඇති බව පොලීසිය සඳහන් කළේය.

එහිදී පුද්ගලයින් සිව් දෙනෙකු බේරාගෙන ඇති අතර ඉන් එක් අයෙකු අතුරුදන්ව ඇත.

අතුරුදන් වූ පුද්ගලයා සෙවීමේ කටයුතු නාවික හමුදාව සහ යුද හමුදාව එක්ව සිදුකරන බව පොලීසිය සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment