තවත් බොලිවුඩ් නිළියකගෙන් ඉන්දීය මත්ද්‍රව්‍ය කාර්යාංශය ප‍්‍රශ්න කරයි

580

සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ පුත් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගැනීමෙන් පසු තවත් බොලිවුඞ් නළුවෙකු වන චුන්කි පාන්ඬේගේ දියණිය වන නිලි අනන්‍යා පාන්ඬේව කැඳවා ප‍්‍රශ්න කිරීමට ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් පියවර ගෙන තිබේ. ඇය ප‍්‍රශ්න කිරීම සඳහා මේ වන විට මුම්බායි නගරයේ පිහිටි මත්ද්‍රව්‍ය කාර්යාංශයට දෙවරක් කැඳවා ඇති බව වාර්තා වී ඇති අතර මෙම සිද්ධියට ඉන්දීය මාධ්‍ය විසින් පුළුල් ප‍්‍රචාරයක් ලබා දී තිබේ.

අනන්‍යා පාන්ඬේව ප‍්‍රශ්න කිරීම සඳහා කැඳවීම ෂාරුක් ඛාන් ගේ පුත‍්‍රයාගේ අත්අඩංගුවට ගැනීමට ඍජුවම සම්බන්ධ බවට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් ප‍්‍රකාශ කර නැතත් ෂාරුක් ඛාන්ගේ පුත් ආර්යන් සමග වට්ස්ඇප් මධ්‍ය හරහා සංවාදයේ යෙදීම නිසා අනන්‍යාගේ ලැප්ටොප් පරිගණකය හා ජංගම දුරකථනය පවා සිය භාරයට ගැනීමට පොලිසිය විසින් පසුගියදා පියවර ගෙන තිබිණි. හින්දි සිනමා ක්ෂේත‍්‍රය තුළ විශාල වශයෙන් මත්ද්‍රව්‍ය භාවිත වන බවට පැන නැගී ඇති චෝදනා හේතුවෙන් බොහෝ බොලිවුඞ් සුපිරි තරු මෙන්ම රූපවාහිනී ශිල්පීන් රැසක් පොලිසියේ අධීක්ෂණයට ලක්ව සිටිති. කෙසේ වුවද ඉහළ පෙළේ පොලිස් නිලධාරීවරයෙකු බී බී සී පුවත් සේවයට පවසා ඇත්තේ තරුණ පිරිස් බොහොමයක් නීතියෙන් වරදකරුවන් වීමට පෙර ඔවුන් අපරාධකරුවන් වශයෙන් සලකමින් පොලිසිය විසින් ගෙන යන වැඩපිළිවෙළ නතර කළ යුතු බවයි

නළු ෂාරුක් ඛාන්ගේ පුත් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගැනීමෙන් පසු තවත් බොලිවුඞ් නළුවෙකු වන චුන්කි පාන්ඬේගේ දියණිය වන නිලි අනන්‍යා පාන්ඬේව කැඳවා ප‍්‍රශ්න කිරීමට ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් පියවර ගෙන තිබේ. ඇය ප‍්‍රශ්න කිරීම සඳහා මේ වන විට මුම්බායි නගරයේ පිහිටි මත්ද්‍රව්‍ය කාර්යාංශයට දෙවරක් කැඳවා ඇති බව වාර්තා වී ඇති අතර මෙම සිද්ධියට ඉන්දීය මාධ්‍ය විසින් පුළුල් ප‍්‍රචාරයක් ලබා දී තිබේ.

අනන්‍යා පාන්ඬේව ප‍්‍රශ්න කිරීම සඳහා කැඳවීම ෂාරුක් ඛාන් ගේ පුත‍්‍රයාගේ අත්අඩංගුවට ගැනීමට ඍජුවම සම්බන්ධ බවට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් ප‍්‍රකාශ කර නැතත් ෂාරුක් ඛාන්ගේ පුත් ආර්යන් සමග වට්ස්ඇප් මධ්‍ය හරහා සංවාදයේ යෙදීම නිසා අනන්‍යාගේ ලැප්ටොප් පරිගණකය හා ජංගම දුරකථනය පවා සිය භාරයට ගැනීමට පොලිසිය විසින් පසුගියදා පියවර ගෙන තිබිණි. හින්දි සිනමා ක්ෂේත‍්‍රය තුළ විශාල වශයෙන් මත්ද්‍රව්‍ය භාවිත වන බවට පැන නැගී ඇති චෝදනා හේතුවෙන් බොහෝ බොලිවුඞ් සුපිරි තරු මෙන්ම රූපවාහිනී ශිල්පීන් රැසක් පොලිසියේ අධීක්ෂණයට ලක්ව සිටිති. කෙසේ වුවද ඉහළ පෙළේ පොලිස් නිලධාරීවරයෙකු බී බී සී පුවත් සේවයට පවසා ඇත්තේ තරුණ පිරිස් බොහොමයක් නීතියෙන් වරදකරුවන් වීමට පෙර ඔවුන් අපරාධකරුවන් වශයෙන් සලකමින් පොලිසිය විසින් ගෙන යන වැඩපිළිවෙළ නතර කළ යුතු බවයි

advertistmentadvertistment
advertistmentadvertistment