තවත් රටවල් 4ක් අවසන් 16ට – 2022 පාපන්දු ලෝක කුසලානය

275

2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් කණ්ඩායම් 16 වටයට සුදුසුකම් ලැබීමට එංගලන්තය, ඇමරිකා එක්සත් ජනපදය, නෙදර්ලන්තය සහ සෙනගාලය සමත් විය.

ඒ අනුව අවසන් 16 වටය සඳහා මේ වන විට සුදුසුකම් ලබා ඇති රටවල් ගණන හතක් වේ. මෙම රටවල් 4 ට පෙර ප්‍රංශය, පෘතුගාලය සහ බ්‍රසීලය එම වටයට සුදුසුකම් ලැබීය.

සෙනගාලයෙන් වාර්තාවක්

තවත් රටවල් 4ක් අවසන් 16ට - 2022 පාපන්දු ලෝක කුසලානය

සෙනගාලය සහ ඉක්වදෝරය අතර පෙරේදා පැවති තරඟයෙන් සෙනගාලය ජය ගත්තේ වසර විස්සකට පසුව අවසන් කණ්ඩායම් 16 අතරට තමන් ප්‍රවේශය ලැබූ පළමු අවස්ථාව සටහන් කරමිනි.

ඉක්වදෝරයට එරෙහිව ඔවුන් ගෝල් 2-1ක ජයග්‍රහණයක් ලැබූ අතර එම ජයග්‍රහණය වසර 8කට පසුව අප්‍රිකානු කණ්ඩායමක් ලෝක කුසලාන අවසන් 16 අතරට පිවිසි පළමු අවස්ථාව ද විය. මීට පෙර 2014 වර්ෂයේ දී ඇල්ජීරියාව එම දස්කම දක්වා තිබිණි.

ඇමරිකාවත් ඇතුළට

තවත් රටවල් 4ක් අවසන් 16ට - 2022 පාපන්දු ලෝක කුසලානය

ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර ඊයේ (30 වැනිදා) අලුයම පැවැති තරඟය ගෝල් 1-0ක් ලෙස ජය ගැනීමට ඇමරිකා කණ්ඩායම සමත් විය.

ඇමෙරිකාව වෙනුවෙන් ක්‍රිස්ටියන් පුලිසික් එම ගෝලය වාර්තා කළ අතර මෙම ජයග්‍රහණය හේතුවෙන් ඇමරිකාවට මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් 16 අතරට පිවිසීමට වරම් උදාවිය.

එංගලන්තයට 3-0ක ජයක්

එංගලන්තය සහ වේල්සය අතර තරගයෙන් ගෝල් 3-0ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට එංගලන්තය සමත් විය. ඊයේ අලුයම පැවැති මෙම තරගයේදී ගෝල් ද්විත්වයක් වාර්තා කිරීමට එංගලන්තයේ මාකස් රාශ්ෆර්ඩ් සමත්වූ අතර එංගලන්තය 16 දෙනාගේ වටය සඳහා ද සුදුසුකම් ලැබීය.

සත්කාරක කටාරය ඔක්කොම පරාදයි

මෙවර තරගාවලියේ සත්කාරක රාජ්‍ය වන කටාර් කණ්ඩායම සහභාගී වූ අවසාන තරගය ද පරාජයකින් නිමා විය.

කාණ්ඩ අදියර යටතේ ඔවුන්ට නියමිත වූ අවසාන තරඟය නෙදර්ලන්තයට එරෙහිව පෙරේදා රාත්‍රියේ පැවැත්විණි. එම තරඟය ගෝල් 2-0ක් ලෙස ජය ගත් නෙදර්ලන්තය අවසන් කණ්ඩායම් 16 අතරටද ඇතුළත් විය.

advertistmentadvertistment
advertistmentadvertistment