තවත් ෂෙඩ් 500 ක් විකුණන්න හදනවා!

303

ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති

තෙල් සංස්ථාව සහ මෙරට පෞද්ගලික ව්‍යාපාරිකයන් සතු සිපෙට්කෝ ඉන්ධනහල් 500ක් නැවත විදේශයකට පැවරීමට කටයුතු කරමින් සිටින බව ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා ඊයේ (07 දා) පැවසීය.

මේ වන විට සිපෙට්කෝ ඉන්ධන හල් 1200ක් රටේ පැවතියත් ඉන් සිපෙට්කෝ ආයතනය සතුව පවතින්නේ ඉන්ධනහල් 200ක් බවද ඔහු කීය. ඉතිරි ඉන්ධන හල් 1000ක් මෙරට පෞද්ගලික ව්‍යාපාරිකයින් විසින් සිපෙට්කෝ නමින් පවත්වාගෙන යන බවද ඔහු පැවසීය. එම ඉන්ධන හල්වල භූමිය ප්‍රාග්ධනය යෙදවීම පෞද්ගලික ව්‍යාපාරිකයන් විසින් සිදුකර ඇති බවද ඔහු කීය.

සිපෙට්කෝ ආයතනයම සතුව ඉන්ධනහල් 400ක් පැවති බවත් ඉන් ඉහළ ආදායම් ලබන ඉන්ධනහල් 200ක් ඉන්දියන් ඔයිල් සමාගමට මේ වන විට ලබාදී අවසන් බවත් රන්වල මහතා කීය. සිපෙට්කෝ ආයතනය සතු ඉතුරු ඉන්ධනහල් 200 සමග පෞද්ගලික අංශයට අයත් ඉන්ධන හල් 300ක්ද ඉන්දියන් ඔයිල් සමාගමට ලබාදීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවද ඒ මහතා කීය.

රටේ පවතින ආර්ථික තත්ත්වය සහ සිපෙට්කෝ ඉන්ධන හල්වලට ඉන්ධන නොලැබෙන තත්ත්වය හමුවේ පෞද්ගලික ව්‍යාපාරිකයන් සතු ඉන්දියන් හල් 300ක් පමණ විකුණාදමා එහි හිමිකරුවන් අඹු දරුවන් සමග විදෙස් ගතවීමට උත්සහ දරමින් සිටින බවත් රන්වල මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment