තවත් සත්‍ය කතාවක්

394

කර්තෘ – චන්ද්‍රසේකර හේරත්
ප්‍රකාශනය – ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ

 ඓතිහාසික නවකතාවක් වශයෙන් දෙවන ලෝක සංග්‍රාම සමයෙන් ආරම්භ කරන “තවත් සත්‍ය කතාවක්” නම් මෙම නවකතාව අතීත, වර්තමාන සහ අනාගත යන කාලත්‍රයට අදාළ විශ්ව සත්‍ය මත පදනම් වූ අනුභූතියක් පාඨකයාට ළඟා කර දෙන කෘතියකි.

 දෙවන ලෝක යුද්ධ සමයේ ශ්‍රී ලංකාවේ පැවැති යුදමය මානසිකත්වයත්, වැවිලි කර්මාන්තය හා සම්බන්ධ අනුභූතීන් මෙන්ම රෝහල් ක්ෂේත්‍රයට අදාළව සංචිත දැනුම් සම්භාරයක්, මනුෂ්‍යත්වයේ උදාරම සම්බන්ධතාවය වූ ආදරය සමීප කර ගනිමින් ඉතා විචිත්‍ර කතාවක් නිර්මාණය කිරීමට කතුවරයා විසින් ප්‍රශංසනීය උත්සාහයක් දරා තිබේ. සුරංග සහ අයිරින් නමැති ක්ෂේත්‍ර දෙකක ප්‍රේමවන්තයින් දෙදෙනකු අතර ඇති වන අපූර්ව ප්‍රේම වෘතාන්තයක් ශෝකාන්තයකින් අවසන් වන ආකාරයත්, ඊට පසුබිම් වන්නා වූ සමාජ, ආර්ථික සහ සෞන්දර්යාත්මක වටපිටාවත් පුළුල් පරාසයක සිට නව්‍යමය ආකාරයකින් ඉදිරිපත් කිරීමට කතුවරයාගේ විවේක බුද්ධිය සමත් වී තිබේ.

 මිනිස් ජීවිතය තාරුණ්‍ය හා සබැඳි සුමධුර ප්‍රේමය, මැදි වයස වනවිට පරමාදර්ශී සමාජ සම්බන්ධතාවක් පමණක් වන අතර නිරන්තරයෙන්ම සත්‍ය සම්බන්ධතාවන් හා පරමාදර්ශී සම්බන්ධතාවන් අතර දෝලනය වන මනුෂ්‍යත්වයේ ස්වභාවය පැහැදිලි කිරීමට, කේන්ද්‍රීය තේමාව වටා ගොනු වන සෙසු චරිත වන ජයතිස්ස, මාලනී සහ රූබී වැනි චරිත මගින් ඉස්මතු කිරීමට කතුවරයා උත්සාහ කොට තිබේ.

 ප්‍රවීණ ලේඛකයකු වූ චන්ද්‍රසේකර හේරත් ලියා ඇති අලුත්ම කෘතියට සටහනක් තබන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය එච්. එම්. ඩී. ආර්. හේරත් මහතා එලෙස සඳහන් කර තිබේ. මේ සමග සටහන් වනුයේ එම ග්‍රන්ථයේ එන ඡේද සංක්ෂිප්තයකි.

 විනාඩි කිහිපයකින් හමුදා කඳවුරුවල තිබූ ගගන යාත්‍රා නාශක අවි ක්‍රියාත්මක විය.

 ජපනාගේ ප්‍රධාන අරමුණ වූයේ වරායේ තිබූ බි්‍රතාන්‍ය රාජකීය හමුදාවේ නැව් සියල්ල බෝමබ් දමා විනාශ කිරීමයි. එහෙත් වරායේ තිබූ යුද නැව් සියල්ල වරායට උතුරින් ඇති බොක්කට ඇතුළු කොට කළපු තුළ ආරක්ෂා වන පරිදි නැංගුරම් ලෑම නිසා ජපනාගේ බලාපොරොත්තු සුන් විය. එහෙත් වරායට පෙරදින ළඟා වූ සයිග්‍රෑන්ළ හෝලිහොක් හා ඔස්ටේ්‍රලියාවට අයත් ්‍යගඵග්ගී චැම්පයර් නමැති යුද නැව් මෙම ප්‍රහාරයෙන් විනාශ විය. මීට අමතරව මඩකලපුව මුහුදේ නැංඟුරම් දමා තිබූ ්‍යගඵගී හර්මීස් නමැති ගුවන් යානා ප්‍රවාහනය කරන බි්‍රතාන්‍ය රාජකීය නාවික හමුදාවේ නැව ද විනාශ විය. ත්‍රිකුණාමලය තෙල් ටැංකිවලට ද බරපතළ හානි සිදු විය. මේ හැර කොළඹදී මෙන් පාසල් හා රෝහල්වලට බෝම්බ දැමුණේ නැත. ප්‍රහාරක ගුවන් යානාවල හඬත් ගුවන් යානා නාශක අවිවල හඬත් සයිරන් නළා හඬත් එක්ව මුළු නගරයම එකම වර ලෝක විනාශයක් දැයි සිතෙන තරමට එක්වර නින්නාද විය. මුළු නගරයම දුමින් වැසී ගියේය. ජපන් යානා නගරයෙන් ඉවත්වූ සැණින් මුළු නගරයම නැවත ක්‍රියාශීලී බවට පත් විය. කාර්යාල හා කඩ සාප්පු විවෘත විය. ජනී ජනයා වීථි සහ මහාමාර්ගවලට අවතීර්ණ වූහ. පාසල්වල පංති කාමරවලදී අධ්‍යාපන කටයුතු ආරම්භ විය. රෝහලේ රෝගීහු නැවත වාට්ටුවලට ඇතුල් වී තම තමන් සිටි ඇඳන්වල වැතිරුණහ. අයිරින් හා රෝසි ඇතුළු සාත්තු සේවිකාවෝ රෝහල් කොරිඩෝව දිගේ සිය සේවාස්ථාන කරා ගමන් කරමින් සිටියෝය. අයිරින් රෝසිගේ උරහිසට අත තබමින් “ආමි කෑම්ප් එකටත් බෝම්බ දාලාද?” යනුවෙන් බියට පත් දෙනෙතින් යුතුව විමසුවාය.

 “මෙන්න පුතා ඔයාගෙ ලිපිය ඇවිල්ලා” කියමින් මාලනි ලිපි කවරය දෙස තම උකුසු ඇස් යොමුකර ලිපිය සුරංගට දික් කළාය. සුරංග නිවැරදිය. ඇය ලිපියක් එවා ඇත. ලිපිය විවෘත නොකරම ලිපිය ඇගේ බව නිසැකය. මුතුවන් අකුරු පමණක් නොව, ඇගේ සුවඳ ලිපි කවරයේ තැවරී ඇත. ලිපිය ද රැගෙන නිදන කාමරයේ වූ ලියන මේසයට ගොස් ලිපියට රිදෙයි යන හැඟීමෙන් යුතුව ඉතා සීරුවෙන් ලිපිය විවෘත කළේය. ලිපිය මුල සිට අගට කියවීය. මෙතෙක් ඇය කෙරේ ඇති නොවූ සිනිඳු හැඟීමක් හදවත කිතිකවනු සුරංගට දැනිණ.

 ඇගේ විරහව, පාළුව, තනිකම හෝ ඇගේ වේදනාව ලිපියේ කිසිදු තැනක සටහන් නොවීය. ඉරිදා හමුවීම සඳහා යොදාගෙන තිබියදී හදිසියේ නිවාඩු දමා යෑම නොවැළැක්විය හැකි, සුරංගට සිදුවූ ආපදාවක් යැයි ඇය සැක කරන බව ලිපියේ සඳහන්ය. ඇය කම්පා වන්නේ සුරංගට සිදු වූ ඇයට වටහාගත නොහැකි ආපදාව සම්බන්ධයෙනි. ඇය සුරංගට කිසිදු චෝදනාවක් කර නැත. සාවදානව, සන්සුන්ව ගැටලු නිරාකරණය කරගෙන පැමිණෙන ලෙස ලිපියේ සඳහන්ය. වඩාත් සිත් ගත්තේ ලිපියේ අවසන ඇති යශෝධරාවතෙන් ගත් පද්‍යයටය.

 වනේ තිබෙන කොයි දේවත් රස වේවා
 මලේ බඹරු ලෙස පිරිවර සෑදේවා
 අව්වේ තිබෙන රැස්මාලා අඩු වේවා
 ගව්වෙන් ගව්ව දිව මාලිග සෑදේවා

 ඇය මට යශෝධරාවක් වේවිද? සුරංග පෙම්වතුන්ගේ පාරාදීසය වන යහන් ගැබට වැද නැවත ලිපිය මුල සිට අගට කියවීය. ඔහු අවසානයේ තීරණයකට එළැඹිණ…..”

advertistmentadvertistment
advertistmentadvertistment