තවත් සති දෙකක් රට වහන්න…. රනිල් ඉල්ලයි

177

වෛද්‍ය උපදෙස් අනුව ක‍්‍රියා කරමින් තව සතියක් හෝ දෙකක් රට වසා දමන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ජනාධිපති, අගමැති ප‍්‍රමුඛ කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා සිටියි.

රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (26 දා) දින විශේෂ ප‍්‍රකාශයක් කරමින් වැඩිදුරටත් මෙසේ ද කියා සිටියේය.

ඇමරිකා එක්සත් ජනපද ආධාර ඒජන්සියේ  ප‍්‍රධානී සමන්තා පවර් මහත්මියට කතා කර මෙරටට එන්නත් ලබා දෙන ලෙස ඉල්ලා සිටි මංගල සමරවීර මැතිතුමා අද අපගෙන් සමුගෙන තිබෙනවා. මාධ්‍ය ආයතන ප‍්‍රධානියකු වූ රාජා මහේන්ද්‍රන් මැතිතුමාත්, ජනාධිපති නීතිඥ ඞී. එස්. විජේසිංහ, නීතිඥ ගෞරි තවරාසා මැතිනිය ඇතුළු ඔබ අප දන්නා හඳුනන බොහෝ දෙනෙකු කොවිඩ් වසංගතය හමුවේ ජීවිත අතහැර ගොස් තිබෙනවා.

කොවිඩ් වසංගතය රට පුරා අද වන විට ශීඝ‍්‍රයෙන් පැතිරෙනවා. එන්නත් ලබා ගන්නා ජනතාවගේ ප‍්‍රමාණය ඉහළ යන්නා සේම ‘කොවිඩ්’ රෝගයට ගොදුරු වන පිරිසත් ඉහළ යමින් සිටිනවා. අගෝස්තු මාසය ආරම්භ වන විට 5000ක සංඛ්‍යාවක පැවැති කොවිඩ් මරණ, මාසය අවසාන වන විට 8000ට ආසන්න වී තිබෙන බව දැක ගත හැකියි. මේ සති කිහිපයේ දී කොවිඩ් මරණ සංඛ්‍යාව 3000ක් බවට පත් වුණා.

කොවිඩ් ආසාදිතයන් වාර්තාවීමේ සංඛ්‍යා ලේඛනවලත් ගැටලූ මතු වෙලා. ප‍්‍රමාද වී වාර්තා වුණු ආසාදිතයන් පිරිසක් පසුගියදා සංඛ්‍යා ලේඛනවලට එකවරම එකතු කළා. ඒ අනුව මෙරටේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 5000 සීමාව ඉක්මවා ගියා.

කොවිඩ් ආසාදනය වීම ශීඝ‍්‍රයෙන් පැතිර යෑම නවතා ගත යුතුයි. අලූත් රෝගීන් ඇතිවීම නවත්වා ගැනීමට දැනට තිබෙන එකම මාර්ගය රට අගුළු දැමීම හෙවත් ලොක්ඩවුන් කිරීමයි. රජය මේ වන විට දින 10කට රට වසා දමා තිබෙනවා. වෛද්‍ය උපදෙස් අනුව එය ප‍්‍රමාණවත් නෑ. අපේ සැබෑ පරමාර්ථය ඉටු කර ගන්න නම් තව සතියක් දෙකක් රට වසා දැමීමකට යා යුතුයි. ඒ නිසා මේ අවස්ථාවේ දී මෙම කාරණය ගැන වගකිවයුතු පාර්ශ්වයන් යළි යළිත් සිතිය යුතු යැයි මම අවධාරණය කරනවා.

රජය දින 10කට රට වසා දැමීමට ගත් තීරණයට අපේ සම්පූර්ණ සහාය හිමි වෙනවා. මෙතන දී තවත් පැත්තකින් ආර්ථික හානිය ගැනත් සිතා බැලිය යුතුයි. එතනදී ලොක්ඩවුන් එකකදී වන ආර්ථික හානියට වඩා ලොක්ඩවුන් එකක් නොමැති තත්ත්වයේ දී රටට වන ආර්ථික හානිය වැඩි බව පැහැදිලියි.

එම නිසා මේ ආර්ථික ගැටලූව විසඳාගන්න අපට තිබෙන එකම පිළියම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෙවත් ෂගඵගත්‍ග සමඟ සාකච්ඡා කිරීමයි. ආර්ථික සහාය එතනින් අපට ලබාගත හැකියි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොවිඩ් අර්බුදයෙන් ඉදිරියට එන්න ඩොලර් කෝටි 72ක ප‍්‍රදානයක් ශ‍්‍රී ලංකාවට ලබා දීමට නියමිතයි.

එම නිසා ජනාධිපති, අගමැති ප‍්‍රමුඛ ඇමැති මණ්ඩලයට මම යෝජනා කරන්නේ වෛද්‍ය උපදෙස් අනුව ක‍්‍රියා කරමින් තව සතියක් හෝ දෙකක් රට වසා දමන ලෙසයි. ඒ වෙනුවෙන් රටවාසීන් සියලූ දෙනාගේ සහාය ලැබෙනු ඇතැයි ද මම තරයේ විශ්වාස කරනවා.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment