තවත් සති 10කින් මෙරට ඩෙල්ටා ප‍්‍රභේදය පැතිරීමේ අවදානමක්

633

සමන් ගමගේ
 
 ජනතාව නිසි ආරක්‍ෂිත ක‍්‍රමවේදයන් අනුගමනය නොකළහොත් තවත් සති දහයකින් රට පුරා ඉන්දීය ඩෙල්ටා කොරෝනා ප‍්‍රභේදය පැතිර යෑමේ අවදානමක් පවතින බවට විශේෂඥයන් අනතුරු අ`ගවා ඇතැයි කොවිඞ් රෝග පාලන රාජ්‍ය ඇමැති විශේෂඥ වෛi සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය ස`දහන් කළාය.
 
 විශේෂඥ වෛi මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය මේ බවට විශේෂයෙන් අනතුරු අ`ගවා තිබෙන බවද ඇය පැවසුවාය.
 
 දැනට ව්‍යාප්ත වී පවතින බි‍්‍රතාන්‍ය ඇල්ෆා කොරෝනා ප‍්‍රභේදයෙන් වැඩි වශයෙන් මරණයට පත් වන්නේ වැඩිහිටියන් බව පෙනී ගොස් ඇති නිසා වයස අවුරුදු හැටට වැඩි පුද්ගලයන් ස`දහා එන්නත්කරණ වැඩපිළිවෙළේදී ප‍්‍රමුඛතාව ලබා දීමට මේවන විට තීරණය කර තිබෙන බවද ඇමැතිවරිය කියා සිටියාය.
 
 මේ වන විට අලූත් සතුරකු ලෙස ඩෙල්ටා ප‍්‍රභේදය මතුවී තිබෙන බවද පෙන්වා දුන් ඇය කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් දැනට මෙරට ගැබිනි මව්වරුන් 12 දෙනකු මරණයට පත්ව ඇතැයිද පැවසුවාය. මාධ්‍ය හමුවකට එක් වෙමින් ඇය මෙම කරුණු පෙන්වා දුන්නාය.
 
 ඉන්දීය මාරාන්තික කොරෝනා ප‍්‍රභේදය වන ඩෙල්ටා ප‍්‍රභේදය ආසාදනය වූ පුද්ගලයා හ`දුනාගත් කහතුඩුව ජයලියගම ප‍්‍රදේශයේ තවත් පුද්ගලයන් සිව් දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි අනාවරණය වී ඇත. ඩෙල්ටා ප‍්‍රභේදය වැළ`දුණු පුද්ගලයා හ`දුනා ගැනීමෙන් අනතුරුව එම ප‍්‍රදේශයේ පුද්ගලයන් සිය දෙනකුට පී. සී. ආර්. පරීක්‍ෂණ සිදු කිරීමට සෞඛ්‍ය බලධාරීහු කටයුතු කළහ.
 
 එම පරීක්‍ෂණ අතරින් පුද්ගලයන් 70 දෙනකුගේ පමණ පරීක්‍ෂණ වාර්තා ඊයේ ලැබී තිබුණු අතර ඒ අතරින් සිව් දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවට එහිදී හෙළිවී ඇත. කෙසේ වෙතත් එම සිව් දෙනාට වැළ`දී ඇත්තේ ඉන්දීය මාරාන්තික කෙරෝනා ප‍්‍රභේදය වන ඩෙල්ටා ප‍්‍රභේදයමද යන්න තහවුරු වී නැත.
 
 මේ අතර විදේශ රැුකියා කාර්යාංශයේ ලියාපදිංචි වී මැදපෙරෙදිග ඇතුළු රටවල සේවයට ගිය ශී‍්‍ර ලාංකිකයන් 142 දෙනකු මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත්ව ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය ස`දහන් කරයි.
 
 සෞදි ආරාබිය, ඩුබායි, බහරේන්, ඕමාන්, කුවේට් සහ කටාර් යන රටවල් ඇතුළු රටවල් 16 කදී මෙම පිරිස
 
 මියගොස් ඇති අතර ඉකුත් වසරේ මාර්තු මස සිට මෙම මරණ වාර්තා වී ඇත. විදේශ රැුකියා ස`දහා පිටත්ව ගිය තවත් ශී‍්‍ර ලාංකිකයන් 4600 දෙනකුට එම කාලසීමාව තුළ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවද වාර්තා වී තිබේ.
 
 කොරෝනා වෛරසය ආසාදනය වී මෙරට තුළ ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයන් 2222 දෙනකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග විiා ඒකකය ඊයේ දහවල් ස`දහන් කළේය. එම පිරිසත් සම`ග කොරෝනා වෛරස ආසාදනය වී පූර්ණ සුවය ලද මෙරට සමස්ත ගණන 223,471 දක්වා ඉහළ ගිය අතර කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පෙරේදා (28දා* තවත් පුද්ගලයන් 41 දෙනකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා තහවුරු කළ බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබිණි.
 
 එම මරණ 41 ත් සම`ග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව තුන්දහසේ සීමාවට ආසන්න වෙමින් 2985 ක් දක්වා ඉහළ ගියේය. අලූත් අවුරුදු පොකුරෙන් තවත් ආසාදිතයන් 1320 ක් අලූතෙන් හඳුනාගත් බව ඊයේ පස්වරු 6.30 වන විට ජාතික කොරෝනා මර්දන ක‍්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළ අතර ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන්
 
 ගණනද 256,828 දක්වා වැඩිවිය.

advertistmentadvertistment
advertistmentadvertistment