තවත් සරසවි සිසුන් දෙදෙනෙක් රිමාන්ඩ්

138


හෝමාගම පිටිපන පිහිටි බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය මගින් හෝමාගම පිටිපන නගරයේදී විරෝධතාවයක් අතරතුර ඇති වූ ගැටුමකින් පසු අත්අඩංගුවට ගත් සිසුන් දෙදෙනාව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඔවුන් දෙදෙනා අද හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර කරන ලෙස හෝමාගම මහෙස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවිය නියෝග කළාය.

නීති විරෝධී රැස්වීමක් පැවැත්වීම අයුතු ජන රාශිය රාජකාරියට බාධා කිරීම සහ නවකවධ සිද්ධීන් සඳහා අනුබලදීම යන චෝදනා හතරක් යටතේ සැකකරුවන්ට එරෙහිව හෝමාගම පොලිසිය මගින් අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබුණි.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර කරන ලද්දේ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ තුන්වන වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යයන් දෙදෙනෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment