තවත් හොංකොං විශ්වවිද්‍යාල දෙකක් ටියනමාන් චතුරශ‍්‍රයේ ප‍්‍රහාරය පිළිඹිඹු කෙරෙන ප‍්‍රතිමා දෙකක් ඉවත් කරයි

260

හොංකොං විශ්වවිද්‍යාලය විසින් සිය භූමියේ ඉදි කර තිබූ 1989 වසරේ චීනයේ ටියනමාන් චතුරශ‍්‍රයේ සිදු වූ මහා මිනිස් සංහාරය පිළිබිඹු කෙරෙන ‘‘ලැජ්ජාවේ මූර්තිය” ප‍්‍රතිමාව ඉවත් කිරීමෙන් පසු එරට තවත් විශ්වවිද්‍යාල දෙකක් විසින් සිය පරිශ‍්‍රයන්හි ඉදි කර තිබූ එවැනිම වූ ප‍්‍රතිමා දෙකක් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

මේ අනුව හොංකොං රාජ්‍යයේ පිහිටි චීන විශ්වවිද්‍යාලය විසින් සිය පරිශ‍්‍රයේ ඉදි කර තිබූ ‘‘ප‍්‍රජාත්නත‍්‍රවාදයේ දෙවඟන ” (ගොඬේස් ඔෆ් ඩිමොක‍්‍රසි”) නමැති ටියෙනමාන් චතුරශ‍්‍රයේ සංහාරය සිහි කිරීම සඳහා ඉදිකර තිබූ ප‍්‍රතිමාවද ලින්ග්නන් විශ්වවිද්‍යාලය විසින් සිය පරිශ‍්‍රයේ ඉදි කර තිබූ ප‍්‍රතිමාවද මෙසේ ඉවත් කර තිබේ. මෙසේ ටියනමාන් චතුරශ‍්‍රයේ සිදු වූ මිනිස් සංහාරය සිදු වී වසර 32 කට පසු අදාළ සිදුවීම අනුස්මරණය කිරීම සඳහා

ඉදි කර තිබූ ප‍්‍රතිමාවන් ඉවත් කිරීමට හොං කොං රාජ්‍යයේ විශ්වවිද්‍යාල විසින් පියවර ගෙන ඇත්තේ චීනයෙන් එල්ල වී ඇති දැඩි බලපෑම් හේතුවෙනි. චීන රජය විසින් හොංකොං රාජ්‍යයේ සිටින සිය දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීමේ පිළිවෙතක් අනුගමනය කිරීම හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන තිබේ. චීන විශ්වවිද්‍යාලය විසින් සිය භූමියේ තිබූ ප‍්‍රතිමාව ඉවත් කළ බව ඍජුවම තහවුරු කර නැතත් අනවසර ප‍්‍රතිමාවක් ඉවත් කළ බව පවසා තිබේ. 1980 වසරේ චීන ආරක්ෂක නිලධාරීන් විසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉල්ලා ටියනමාන් චතුරශ‍්‍රයේ පැවති සිසු උද්ඝෝෂණය මර්දනය කිරීම සඳහා එල්ල කරන ලද ප‍්‍රහාරයෙන් සිසුන් ඇතුළු 10,000ක් පමණ දෙනා මිය ගිය බව බටහිර රටවල් විසින් ඇස්තමේන්තු කර ඇතත් චීන බලධාරීන් පවසනුයේ එම ප‍්‍රහාරයෙන් සිවිල් වැසියන් 200 දෙනකු හා ආරක්ෂක නිලධාරීන් ගණනාවක් මිය ගිය බවයි.

තවත් හොංකොං විශ්වවිද්‍යාල දෙකක් ටියනමාන් චතුරශ‍්‍රයේ ප‍්‍රහාරය පිළිඹිඹු කෙරෙන ප‍්‍රතිමා දෙකක් ඉවත් කරයි
advertistmentadvertistment
advertistmentadvertistment