තවත් ෆයිසර් එන්නත් මාත‍්‍රා 73,000 ක් දිවයිනට

68

ශ‍්‍රී ලංකාවේ කොරෝනා මර්දන එන්නත්කරණ ක‍්‍රියාවලිය ස`දහා යොදා ගැනීමට ඇමෙරිකාවේ ෆයිසර් එන්නත් මාත‍්‍රා 73,000 ක් භාණ්ඩ ප‍්‍රවාහන ගුවන් යානයක් මගින් 20 දින අලූ‍යම කටුනායක ගුවන් තොටුපළ වෙත රැුගෙනවිත් තිබේ.

නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට කිලෝ ග‍්‍රෑම් 445 ක් බරැුති මෙම එන්නත් තොගය කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගුවන් මගින් ගෙනැවිත් තිබුණි. එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්. 668 දරන භාණ්ඩ ප‍්‍රවාහන ගුවන් යානයෙන් 20 දින අලූ‍යම 2.10 ට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි.

මෙම එන්නත් තොගය ගුවන් යානයෙන් ගොඩ බෑමෙන් පසුව , ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගම්මානයේ ශීතකරණ තුළ තැන්පත් කළ අතර ඉන්පසුව ශ‍්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් ඔවුන්ගේ කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන යාමට පියවර ගෙන තිබුණි.

ගුවන්තොටුපොළ ටී.කේ.ජී.කපිල
 

advertistmentadvertistment
advertistmentadvertistment