තවත් ෆයිසර් එන්නත් මාත‍්‍රා 90,000 ක් ඊයේ කටුනායකට එයි

393

ශ‍්‍රී ලංකාව විසින් මිලදී ගත් ඇමෙරිකානු ෆයිසර් එන්නත් තවත් මාත‍්‍රා 90,000 ක් කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් 26 දින අලූ‍යම කටුනායක ගුවන් තොටුපළ වෙත රැුගෙන ආ බව ගුවන් තොටුපළ කාර්ය භාර නිලධාරිවරයා ප‍්‍රකාශ කළේය.

කිලෝ ග‍්‍රෑම් 547 ක් බරැුති ඇසුරුම් 16 ක් තුළ මෙම එන්නත් තොගය අසුරා නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත මුලින්ම ගුවන් මගින් රැුගෙන විත් තිබුණි. ඉන්පසුව එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්. 668 දරන ගුවන් යානයෙන් 26 දින අලූ‍යම 2.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත මෙම එන්නත් තොගය රැුගෙන පැමිණ තිබුණි.

මෙම එන්නත් තොගය ගොඩ බෑමෙන් පසුව කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගම්මානයේ ශීතකරණ තුළ තැන්පත් කිරීම සිදු විය. ඉන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් මෙම එන්නත් තොගය කොළඹ ඔවුන්ගේ මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැුගෙන යෑම සිදු කෙරුණි.

ගුවන්තොටුපොළ ටී.කේ.ජී.කපිල

advertistmentadvertistment
advertistmentadvertistment