තවත් ෆයිසර් මාත‍්‍රා 11,47,770ක් එයි

81

ශ‍්‍රී ලංකාවේ කොරෝනා මර්දන ක‍්‍රියාවලිය සඳහා තෙවැනි මාත‍්‍රාව ලෙස ලබා දීම සඳහා ඇමෙරිකාවේ ‘ෆයිසර්’ එන්නත් මාත‍්‍රා එකොළොස් ලක්‍ෂ හතළිස් හත්දහස් හත්සිය හැත්තෑවක් (11,47,770 ක්) එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් ඊයේ (28 වැනිදා) අලූයම කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් තිබේ.

කිලෝ ග‍්‍රෑම් 4,485ක් බර මෙම එන්නත් තොගය පෙට්ටි 137ක අසුරා මුලින්ම ඇමෙරිකාවේ සිට ගුවන් මගින් නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර වෙත ගෙන ආ අතර, එතැන් සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත ගෙනැවිත් තිබේ. ඊට පසුව ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් ඊයේ (28 දා) අලූයම 12.29ට මෙම එන්නත් තොගය කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් තිබේ.

සෙල්සියස් ඍණ අංශක අසූවක උෂ්ණත්වයක් යටතේ මෙම එන්නත් තොගය සුරැකිව තබා ගත යුතු අතර, කටුනායක ගුවන් තොටුපළේ දීත්, ගුවන් යානා තුළදීත් එම උෂ්ණත්වය යටතේ, මෙම එන්නත් තොගය පවත්වා ගෙන ගොස් තිබුණි.

පසුව ශ‍්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් ඔවුන්ගේ කොළඹ පිහිටි මධ්‍යම ඖෂධ ගබඩා සංකීර්ණය වෙත මෙම එන්නත් තොගය රැගෙන යාමට පියවර ගෙන තිබුණි.

කටුනායක ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment