තවදුරටත් සජබ මන්තී‍්‍රවරු පාර්ලිමේන්තුව වර්ජනය කරති

113

විපක්‍ෂයේ මන්තී‍්‍රවරුන්ට පහර දීමට තැත් කිරීමට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ මන්තී‍්‍රවරුන් මැති සබය වර්ජනය කරමින් ඊයේ (6 දා) පාර්ලිමේන්තු භූමි පරිශ‍්‍රය තුළ විරෝධතාවේ යෙදී සිටි අයුරු. විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ද ඊට එක්ව සිටියේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඇතුළු සමගි ජනබලවේගය මන්තී‍්‍රවරු ඊයේ (06දා) පෙරවරුවේ සභා ගැබට නොපැමිණි අතර පාර්ලිමේන්තුව ඉදිරිපිට නිහඬ විරෝධතාවක නිරත වූහ.

මිරිස් කුඩු බළකාය පාර්ලිමේන්තුව යළිත් වනසයි, 69 ලක්‍ෂයක් වහල් බවින් මුදාගන්නා සටන අරඹමු, රටක් කරවන රට හරක් වැනි පාඨ ඇතුළත් බැනර් ප‍්‍රදර්ශනය කරමින් සහ කළු සාටක සහ කළු අත්පටි පැළඳ සජබ මන්තී‍්‍රවරුන් පාර්ලිමේන්තු පිවිසුම අබියස මෙලෙස විරෝධතාවක නිරත වූ අයුරු දක්නට ලැබිණි. ඔවුහු කණ්ඩායම් දෙකක් ලෙස එකට සිටගෙන විනාඩි 40 ක් පමණ විරෝධතාවේ නිරතව සිට විසිර ගියහ. පසුව එම මන්තී‍්‍රවරු සමගි ජනබලවේගය ප‍්‍රධාන කාර්යාලයට ගොස් එහි සවිකර ඇති විද්්‍යුත් තිර මගින් පාර්ලිමේන්තුවේ කටයුතු නිරීක්‍ෂණය කර සජබයට එල්ල වූ චෝදනා වලට පිළිතුරු දෙමින් ඒවා විවිධ සමාජ මාධ්‍ය මගින් ප‍්‍රචාරය කළහ.

කථානායකවරයා උද්ගතව ඇති තත්ත්වය ගැන පියවර ගන්නා තෙක් පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට ඊයේ සජබ ය තීරණය කර තිබේ. කථානායකවරයාට අදත් කරුණු දැක්වීමට ද පියවර ගන්නා බවය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment