තව ටික දිනකින් පෞද්ගලික බස් ධාවනය සම්පූර්ණයෙන් නතර වෙයි – ගැමුණු කියයි

111

ඉන්ධන අර්බුදය නිසා තව දින කිහිපයකින් පෞද්ගලික බස් ධාවනය මුළුමනින්ම නතර කිරීමේ තත්ත්වයක් ඇති වන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘දිවයින’ට ඊයේ (4 දා) පැවසීය.

ශ්‍රී ලංකාව මෙම තත්ත්වයට පත්කළ සියලු දෙනා මේ අර්බුදයට වගකිවයුතු බව ද අද සියලු රටවැසියන් ඉතා දුෂ්කර දිවි පැවැත්මකට ඇද දමා ඇතැයි ද හෙතෙම කීය.

තෙල් නැව් එනතෙක් අපට අද මුහුද දෙස බලාසිටීමට සිදුවී ඇති බව පැවසූ ගැමුණු විජේරත්න මහතා තෙල් ප්‍රශ්නය නිසා තම බස් රථ විකුණා දැමීමට පවා නොහැකිවී තිබෙන අතර තෙල් නැතිව බස් මිලට  ගන්නේ කවුරු දැයි ප්‍රශ්න කළේය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment