තහංචි දැම්මොත් වෛද්‍යවරු තදින්

317

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහ වෛද්‍යවරුන්ගේ වෛද්‍ය සභා සාමාජිකත්වය අහෝසි කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් කර ඇති ඉල්ලීම පරාජය කිරීමට සියලු ක්‍රියාමාර්ග ගන්නා බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

රජයේ අවසරයකින් තොරව රැකියා සඳහා විදේශ ගතවන රාජ්‍ය නිලධාරීන්ට සේවය අතහැර යෑමේ නිවේදන නිකුත් කළ යුත්තේ රටේ ක්‍රියාත්මක නීතිය අනුව බවත් රජයට යම්කිසි මුදලක් ගෙවීමට එම නිලධාරීන් බැඳී සිටීනම් එය අයකර ගැනීම නීතිය අනුව සිදුවිය යුතු බවත් එම සංගමය කියයි.

එහෙත් නීතියට පිටින් අත්තනෝමතික ලෙස වෛද්‍යවරුන්ට පමණක් අනවශ්‍ය බලපෑමක් කළහොත් ඊට එරෙහිව වෙනත් වෘත්තීය සංගම්ද සමග එක්ව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවද එම සංගමය දැඩිව අවධාරණය කරයි.

එමෙන්ම සෞඛ්‍ය ඇමැතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් විසින් වෛද්‍යවරුන් සම්බන්ධයෙන් මෑතකදී ගන්නා ලද පිළිගත නොහැකි තීරණ පිළිබඳවද සිය සංගමය දැඩි අවධානය යොමුකර ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු සහ එහි ලේකම් වෛද්‍ය ආර්. ඥාණසේකරම් යන මහත්වරුන්ගේ අත්සනින් යුත් නිවේදනයේ සඳහන් වේ.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment