තහනම් ඖෂධය පිළිකා රෝහලට රිංගලා

224

තහනමට ලක්වූ (බ්ලැක් ලිස්ට්) සමාගමක තහනම් කළ පිළිකා ඖෂධයක් රෝගීන්ට ලබාදීම සඳහා මහරගම අපේක්ෂා රෝහලට ලබාදී ඇතැයි වාර්තා වේ.

2019 වසරේ නිෂ්පාදිත මෙම ඖෂධය 2023 වසරේ කල් පිරීමට ආසන්න වීම හේතුවෙන් පරිත්‍යාගයක් ලෙස ලබාදී ඇත. ‘බ්ලැක් ලිස්ට්’ වූ අදාළ සමාගම සතුව ඖෂධ කුප්පි (වෑල්) දාහක් පමණ පවතින බවත් ඉන් 150ක් පමණ පරිත්‍යාග ලෙස ලබාදී ඇති බවත් වාර්තා වේ.

තහනම් කළ සමාගමට රජය මගින් රුපියල් මිලියන 500ක පමණ මුදලක් ගෙවීමට තිබූ අතර මීට දින කිහිපයකට ඉහතදී ඉන් මිලියන 150ක් පමණ ගෙවා ඇති බවත් අඛණ්ඩව ඖෂධ සපයන සමාගම්වලට රුපියල් බිලියන 43ක මුදල් ගෙවීමට තිබියදී මෙම සමාගමට එසේ මුදල් ගෙවීම අනුමත කළ නොහැකි බවත් සෞඛ්‍ය අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ අරුණ ජයසේකර මහතාගෙන් කළ විමසමේදී ඔහු කියා සිටියේ තමන්ට මේ සම්බන්ධයෙන් සොයාබලා පිළිතුරක් ලබාදිය හැකි බවය. ඖෂධ සැපයුම් අංශයේ අධ්‍යක්ෂ ගාමිණී විජේසිංහ මහතාගෙන් මේ පිළිබඳව කළ විමසිමේදී ඒ මහතා කියා සිටියේ මෙම පිළිකා ඖෂධය මුදල් ගෙවා ලබාගත් බවය.

advertistmentadvertistment
advertistmentadvertistment