තහනම් ලැයිස්වේ තිබුණු රසායනික ද‍්‍රව්‍යකීපයක් ගෙන්වීමට අවසර දෙයි

282

දේශීය කාබනික පොහොරවල නයිට‍්‍රජන් ප‍්‍රතිශතය වැඩි කිරීමට අවශ්‍ය සංඝටක ඇතුළු රසායනික ද්‍රව්‍ය කිහිපයක් ගෙන්වීමට රජය අවසර දී ඇති බව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා ඊයේ (03* ‘‘දිවයින’’ට පැවසීය.

 මෙම රසායනික ද්‍රව්‍ය කලින් ආනයනය තහනම් කළ භාණ්ඩ ලැයිස්වේ තිබුණු බවත් එහෙත් මෙය කිසිසේත්ම රසායනික පොහොර ආනයනයට ඉඩදීමක් නොවන බවත් ඒ මහතා සඳහන් කළේය.

 එසේම අල වගාවේදී සෑදෙන දිළීර රෝගයක් මර්දනය කිරීමට අවශ්‍ය දිළීර නාශක ප‍්‍රමාණයක් ගෙන්වා ගැනීමටද මේ සමගම අවසර ලබාදී ඇති බවද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටියේය.

 එහෙත් මේ ද්‍රව්‍ය ගෙන්වීමට අවසර දීම නිසා රජයේ රසායනික පොහොර ආනයනය තහනම් කිරීමේ තීරණයේ කිසිදු වෙනසක් නොමැති බවත් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා තවදුරටත් ‘‘දිවයින’’ට කීවේය.

 මේ තීරණය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ අවසරය ලැබී ඇති බව මේ ගැන කළ විමසුමකට පිළිතුරු දෙමින් මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඞ් කබ්රාල් මහතාද ‘‘දිවයින’’ට පැවසීය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment