තහනම් සංවිධානවලට  කඩු සැපයූ තරුණයා  ගැන විමර්ශන

118

තහනම් සංවිධානවලට කඩු සපයන පුද්ගලයකු යාපනය වඩුක්කෝට්ටේ මුරුකන් කෝවිලඩි, තුණවි ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙහිදී තියුණු මුවහත් සහිත යකඩ කඩු 11ක් සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

සැකකරු තුණවි, වඩුක්කෝට්ටේ, යාපනය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22 ක පුද්ගලයෙකි. යාපනය පොලිස් විශේෂ කාර්ය බළකා යාපනය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව වැටලීම සිදුකර ඇත. පැති කීපයක් ඔස්සේ විමර්ශන සිදු කෙරේ. සැකකරු හා කඩු තොගය වඩුක්කෝට්ටේ පොලිසිය වෙත භාර දී ඇත.

පොලිස් විශේෂ කාර්යය බළකා අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර, කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ. හෙට්ටිආරච්චි මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ යාපනය කඳවුරේ උප පොලිස් පරීක්ෂක එස්. බී. බණ්ඩාර ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

ප්‍රභාත් විතාන, ඇන්ටන් ප්‍රනාන්දු, කැස්බෑව-ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment