තහනම ඉවත් කළේ ජාතික ආරක්‍ෂාවට දැන් තර්ජනයක් නැති නිසාද? – මුසම්මිල් අසයි

181

ආණ්ඩුව ජාත්‍යන්තර දෙමළ සංවිධාන 6ක තහනම ඉවත් කළේ ඊළමට අරමුදල් රැස් කරන ජාත්‍යන්තර දෙමළ සංවිධානවලින් ජාතික ආරක්ෂාවට එල්ල වී තිබූ තර්ජනය දැන් නතර වී ඇති නිසාදැයි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා ප්‍රශ්න කරයි.

 ආරක්ෂක අමාත්‍යාංශය මේ පිළිබඳව රට හමුවේ වහා සත්‍යය පැහැදිලි කළ යුතු යැයිද මොහොමඩ් මුසම්මිල් මහතා කියා සිටියේය. ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (14 වැනිදා) පෙරවරුවේ ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

advertistmentadvertistment
advertistmentadvertistment