දෙමළ ජාතික සන්ධානයේ මූලිකත්වය මත සියළු ජාතින් නියෝජනය වන සිවිල් හා දේශපාලන බලවේගවල සහායෙන් රට පුරා සංවිධානය කරනු ලබන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහා අහෝසි කරන්නැයි බලකරමින් ජනතා අත්සන් ලබාගැනීමේ පෙත්සමට අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද අත්සන් තබා ඇත.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් ශානක්‍යන් මහතා අගරදගුරු හිමිපානන් හමුවී මේ පෙත්සම ඉදිරිපත් කර තිබේ.