ත්‍රස්තවාදී තර්ජන පාලනයට එ.ජා ඉන්දීය නිත්‍ය නියෝජිතගෙන් යෝජනා

93

ගෝලීය වශයෙන් එල්ල වී ඇති ත්‍රස්තවාදී තර්ජන වැළැක්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් නවීන තාක්ෂණික පහසුකම් භාවිතය කඩිනම් කළ යුතුව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දීය නිත්‍ය නියෝජිත සහ තානාපති රුචිරා කාම්බෝජ් පවසයි.නවදිල්ලි නුවර ටාජ් පැලස් හිදී පැවති එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ දෙදින කමිටු රැස්වීම හමුවේ ඇය මේ බව සඳහන් කළාය. අප්‍රිකානු සහ දකුණු ආසියානු රටවලට දැඩිව ත්‍රස්ත තර්ජන ඇති බව ද නවෝත්පාදන තාක්ෂණය මෙවලම් භාවිතා කරමින් රටවල් අතර ත්‍රස්ත සංවිධාන පිළිබඳ තොරතුරු ගබඩා පද්ධති තබා ගත යුතු බවද ඇය සදහන් කරයි.වානිජමය වශයෙන් ලබාගත හැකි මිනිසුන් රහිත උපකරණ භාවිතා කරමින් ආයුධ සහ මත් ද්‍රව්‍ය ජාවාරම් සහ ප්‍රවාහනය සම්බන්ධ තොරතුරු දැනගැනීමට පියවර ගත යුතු බවද රුචිරා කාම්බෝජ් මහත්මිය සදහන් කරයි.2015 වසරින් පසුව නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයෙන් පිටත පැවති පළමු කමිටු රැස්වීම මෙයවේ.

advertistmentadvertistment
advertistmentadvertistment