ත්‍රස්ත පනතේ හැව ගැලවෙයි: වෙනත් නමකින් එයි ද?

171

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනයට ලක් කරමින් ජාතික ආරක්‍ෂණ පනත ලෙසින් නව පනතක් ගෙන ඒමට රජය තීරණය කර ඇත.

අධිකරණ ඇමැති විජේදාස රාජපක්‍ෂ මහතා මේ සම්බන්ධව පෙරේදා (22දා) පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේදී කැබිනට් මණ්ඩලයට කරුණු පැහැදිලි කළ බව කැබිනට් ප්‍රකාශ ජනමාධ්‍ය හා මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ත්‍රස්තවාදය වැළැක්වීමේපනත 1979 වසරේදී බලාත්මක කෙරුණු අතර මේ වන විට නව පනත සකස් කෙරෙමින් පවතින බව අධිකරණය ඇමැතිවරයා දැනුම් දුන්නේ යැයිද බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

පසුගිය කාලයේ ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනකු පොලිසිය විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමත් සමඟ මේ වන විට ඒ පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් සහ මානව හිමිකම් ක්‍ෂෙත්‍රයේ දැඩි කතාබහක් ඇතිවී තිබේ. එම පනත හකුලා ගන්නා ලෙස ජාත්‍යන්තරයෙන් රජයට සිදු කෙරෙන බලපෑම්ද දිනෙන් දින ඉහළ යමින් තිබේ.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment