ත‍්‍රස්ත‍ මර්දන පනත යටතේ 272 ක් අත්අඩංගුවේ

104

ත‍්‍රස්ත මර්දන පනත යටතේ 272 දෙනෙක් මේ වන විට අත්අඩංගුවේ පසුවෙති.

මොවුන් පිළිබඳව බන්ධනාගාර බලධාරීන් ආරක්‍ෂක අමාත්‍යාංශයට වාර්තාවක් ඉදිරිපත් කර ඇත.

මේ අතර, ත‍්‍රස්ත මර්දන පනත යටතේ අත්අඩංගුවට ගෙන වසර 13ක් ඇප දීමකින් තොරව රඳවාගෙන සිටින තමාට ක‍්‍රෑර වධ හිංසා පමුණුවා ඇති බවට දක්වා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්‍ෂ්මන් කුරේ ඊයේ (18දා) ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ වෙත පැමිණිල්ලක් ගොනු කර ඇත.

පැමිණිල්ලට අධිකරණ වෛi නිලධාරියාගේ වාර්තාවද ඇතුළත් කර ඇත. මේ වාර්තාවේ දැක්වෙන්නේ ඔහුගේ සිරුරේ ස්ථාන 32ක් පුලූස්සා ඇති බවයි.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment