ත්‍රස්ත සංවිධානයක් අසාදු කරනවාට චීනය හරස් වෙලා

254

ඉන්දියාවේ මුම්බායි හි දී 2008 වසරේ නොවැම්බර් 11 වැනිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයකට සම්බන්ධ චෝදනා එල්ල වී ඇති පකිස්ථානය මූලික කරගත් ත්‍රස්ත සංවිධානයක් වන ලක්ෂ්කාර ඊ තයිබා සංවිධානය අසාදු ගත කිරීමට ඉන්දියාව සහ ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගෙනා යෝජනාව චීනය විසින් වලක්වා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මෙම ප්‍රහාරය ගැන චෝදනා ලැබ සිටින එම සංවිධානයේ සන්නද්ධ සාමාජික සජිඩ් මීර් අත්අඩංගුවට ගැනීමට ඉන්දියාව වරෙන්තු නිකුත් කර ඇත. ඔහුගේ හිස ගෙනවිත් දෙන අයෙකුට ඇමෙරිකානු ඩොලර් මිලියන 05ක් ලබාදීමට ඇමෙරිකාව ප්‍රකාශ කර තිබේ. එසේම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් මීර් ගේ වත්කම් සහ විදෙස් ගමන් ද තහනම් කර ඇත.මෙම වසරේ ජූලි මස පකිස්ථාන අධිකරණය විසින් ත්‍රස්ත විරෝධී පනත යටතේ මීර් ට වසර 15ක සිර දඬුවමක් ද නියම කර තිබේ. මේ අතර පකිස්ථානය පවසන්නේ මීර් මියගොස් ඇති බවය.නමුත් බටහිර රටවල් පවසන්නේ ඊට පිලිගත හැකි සාක්ෂි ඉදිරිපත් කර නැති බවය.

advertistmentadvertistment
advertistmentadvertistment