ත්‍රිකුණාමලය ඛනිජ තෙල් පර්යන්ත සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය

550


ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි 61ක කළමනාකරණය සඳහා පිහිටුවනු ලැබූ ත්‍රිකුණාමලය ඛනිජ තෙල් පර්යන්ත සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය ප්‍රකාශයට පත්කර ඇත.

නව සමාගමේ සභාපති ධූරයට ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ද සභාපති ධුරය හොබවන සුමිත් විජේසිංහ මහතා පත්කර තිබේ. අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස ආචාර්ය ප්‍රභාත් සමරසිංහ, නීතිඥ භූපති කහතුඩුව, ඉංජිනේරු ධම්මික මල්ලිකාරච්චි යන මහත්වරු පත්ව සිටිති.

මනෝජ් ගුප්තා, අසීම් භාර්ගව, රාජේෂ් භගත් යන මහත්වරු ඉන්දියන් ඔයිල් සමාගම සිය අධ්‍යක්ෂකවරුන් ලෙස පත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment