ත්‍රිකුණාමල වරාය යළි අපනයන මෙහෙයුම් අරඹයි

201

ත්‍රිකුණාමලය වරාය වසර 30කට පසු අපනයන මෙහෙයුම් කටයුතු ආරම්භ කරමින් චීනයට ඉල්මනයිට් ටොන් 60,000ක් අපනයනය කර ඇත.ත්‍රිකුණාමලය ඉල්මනයිට් සමාගම මගින් මෙම ඉල්මනයිට් තොගය ඊයේ අපනයනය කර තිබේ.මෙලෙස ත්‍රිකුණාමලය වරායෙන් අපනයන මෙහෙයුම් අවසන් වරට සිදුකර ඇත්තේ 1992 වසරේ දීය. ත්‍රස්තවාදී ප්‍රහාර වලින් පසු මෙතෙක් ත්‍රිකුණාමලය වරායෙන් සිදුකරනු ලැබූවේ ආනයන මෙහෙයුම් කටයුතු පමණක් බව කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් දයා රත්නායක මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment