ත්‍රි’මලේ තැන තැන මාල කඩන පුද්ගලයන් දෙදෙනා සොයා පරීක්ෂණ

117

අංක තහඩු නොමැති යතුරුපැදියකින් සම්පූර්ණ මුහුණු ආරවරණ සහිත හෙල්මට් භාවිත කරමින් කාන්තාවන් ගේ මාල කඩන පුද්ගලයින් දෙදෙනකු පිළිබඳ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකින්ම වාර්තාවී ඇති බවත්, පොලිසියට ඒ පිළිබඳ ලැබී ඇති සී.සී.ටී.වී. දර්ශණ ඔස්සේ පරීක්ෂණ ආරම්භ කොට ඇති බවත් සේරුනුවර පොලිස් ස්ථානාධිපති රජිත් වික්‍රමසිංහ මහතා පැවසීය.

මේ වනවිට තඹලගමුව, ඊච්චලම්පත්තු, ගෝමරන්කඩවල, මොරවැව, කිළිවෙඩ්ඩි, කන්තලේ, සූරියපුර යන පොලිස් බල ප්‍රදේශ වලින් මෙම සිද්ධීන් වාර්තාවී ඇති අතර කිළිවෙඩ්ඩි කඩයක් අසලදී කාන්තාවක ගේ මාලයක් කැඩීමට යන අතරතුර එම කාන්තාව බෝතලයකින් සැකකරුට පහරදී ඇත. එය එහි තිබූ සී.සී.ටී.වී. දර්ශණ වල සටහන්වී තිබේ. අවසාන වතාවට කන්තලේ සූරියපුර වෙල්යායක කාන්තාවකගේ
මාලයක් කැඩීමට යාමේදී එහි කොටසක් පමණක් ඔහු අතට පත්වී ඇත. මෙම කාන්තාවන් සියලු දෙනා ගේ විස්තර කිරීම් අනුව සිදුවීම් වලට සම්බන්ධ එකම පුද්ගලයින් දෙදෙනකු බවට සැක පහලවී ඇති බව පොලිස් ස්ථානාධිපති වරයා වැඩිදුරටත් පැවසී ය.

කන්තලේ – ඩබ්.එම්.වික්‍රමසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment