ත්‍රිවිධ හමුදාවට පොදු සමා කාලයක්

1087

ත්‍රිවිධ හමුදාවේ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින හමුදා පුද්ගලයන් හට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීම සඳහා 2022.11.15 දින සිට 2022.12.31 දින දක්වා පොදු සමාකාලයක් ආරක්‍ෂක අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත්කර ඇත. මෙම පොදු සමා කාලය 2022.10.25 දින හෝ ඊට පෙර නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකළ අයවළුන් සඳහා පමණක් වලංගු වන අතර ඔවුන් වෙතින් අයවිය යුතු යම් මුදලක් වේ නම් පමණක් නීත්‍යානුකූලව ඉවත් වීමට පෙර එම මුදල් ගෙවීමට කටයුතු කළ යුතු බව ද ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment