ත්‍රිවිධ හමුදාව උපරිම බලය පාවිච්චි කරන්න සැරසෙයි

740

මහජන දේපල සහ ජනතාවගේ ජීවිත ආරක්ෂාව සැලසීම සඳහා ත්‍රිවිධ හමුදාව සිය උපරිම බලය යොදා කටයුතු කිරීමට තීරණය කර ඇත. මේ දක්වා සාමකාමී අරගල කරුවන් විසින් සිදුකරනු ලැබූ අරගල හමුවේ ත්‍රිවිධ හමුදාව අවම බලය යොදා කටයුතු කළ බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.නමුත් ඊයේ රාත්‍රියේ ඇතැම් අරගල කරුවන් විසින් පාර්ලිමේන්තු සංකීර්ණය සහ කතානායක නිල නිවස සිය ග්‍රහණයට ගැනීම සඳහා පොලු මුගුරු සහ බැකෝ යන්ත්‍ර වැනි බර වාහන යොදාගෙන සන්නද්ධ ලෙස කටයුතු කිරීමට උත්සාහ ගැනීම නිසා මෙම පියවර ගැනීමට ත්‍රිවිධ හමුදාව තීරණය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment