ත්රීරෝද රථ සඳහා දැනට ලබාදෙන ඉන්ධන කෝටාව දෙගුණ කිරීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද අනුමැතිය ලබා දී ඇත.ඒ අනුව එහි පළමු අදියර නොවැම්බර් මස 06වැනිදා සිට බස්නාහිර පළාතේ ක්රියාත්මක කිරීමට නියමිතය.ඒ සදහා ත්රීරෝද රථ නොවැම්බර් මස 01වැනිදා සිට නව ඉන්ධන කෝටාව සදහා වූ QR අංක ලබා ගැනීමට ලියාපදිංචි විය යුතුය.සෙසු පළාත් හි පසුව ක්රියාත්මක කිරීමට නියමිතය.
|