ත්‍යාගිගේ ත්‍යාගය

593

කඩුලූ 8 ක් අතැතිව, ජයග‍්‍රහණයට ලකුණු 4 ක් මෙපිටින් සිටි පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ බලාපොරොත්තු අවසන් පන්දු 6 තුළ විනාශ කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ කර්තික් ත්‍යාගි පෙරේදා (21 දා* පැවැති අයි පී එල් තරගයේදී සමත් වූවේය.

අයි පී එල් තරගාවලියේ 32 වැනි තරගය ලෙස ඩුබායිහි දී පැවැති මෙම තරගයේ ජයග‍්‍රහණය හඹා ගිය කිංග්ස් පංජාබ් කණ්ඩායම 19 වැනි පන්දුවාරය නිමා වනවිට කඩුලූ 2ක් දැවී ලකුණු 182 ක් රැුස් කරගෙන සිටියේ අවසන් පන්දුවාරයේදී ලකුණු 04 ක් ලබාගෙන තරගය ජය ගැනීමේ අටියෙනි.

එහෙත් එම පන්දුවාරයේ පළමු පන්දුව නිලකුණු පන්දුවක් වූ අතර දෙවැනි පන්දුවේදී එක් ලකුණක් ලබා ගැනීමට ඒඞ්න් මාක‍්‍රම් සමත් විය. ලකුණු 32 ක් නොදැවී ලබා සිටි නිකොලස් පුරන් තෙවැනි පන්දුවේදී දවා ගැනීමට කර්තික් ත්‍යාගි සමත් වූ අතර හතරවැනි පන්දුව නිලකුණු පන්දුවක් විය. පස්වැනි පන්දුවේදී දීපාක් හුඩාව ලකුණු 0 කට දවා ගත් ත්‍යාගි පන්දු 6 කදී ලකුණු 4 ක්ව තිබූ ඉලක්කය, එක් පන්දුවකදී ලකුණු 3 ක් දක්වා ගෙන ආවේය.

අවසන් පන්දුවට මුහුණ දීමට පැමිණි නෝබියන් ඇලන්ට ද ලකුණක් ලබා ගැනීමට ඉඩ නොදුන් ත්‍යාගි රෝයල්ස් කණ්ඩායමට ලකුණු 02 ක තියුණු ජයග‍්‍රහණයක් ගෙන ආවේය. පන්දු 12 කදී ලකුණු 8 ක් ජයග‍්‍රහණයට පිටුපසින් කිංග්ස් කණ්ඩායම 18 වැනි පන්දුවාරය අවසන් වනවිට රැුඳී සිටි අතර මුෂ්ටෆිෂර් රහමාන් ද 19 වැනි පන්දුවාරය ලකුණු 04 කට සීමා කිරීම හේතුවෙන් ත්‍යාගිට මෙම දස්කම ප‍්‍රදර්ශනය කිරීමට අවස්ථාව උදා විය. තරගයේ වීරයා සම්මානය ද ත්‍යාගිට හිමි විය.

ලකුණු සාරාංශය

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 20 කදී සියලූදෙනා දැවී ලකුණු 185 යි. එවින් ලූවිස් 36, යෂිස්වි ජයිස්වාල් 49, මහිපාල් ලොම්රොර් 43,

පන්දු යැවීම-මොහමඞ් ෂාමි 21-3, අර්ෂ්ඞීප් සිංග් 32-5

පංජාබ් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලූ 4 ක් දැවී ලකුණු 183 යි.

ලෝකේෂ් රාහුල් 49, මායන්ක් අහර්වාල් 67, ඒඞ්න් මාක‍්‍රම් නොදැවී 26, එන්. පුරන් 32

පන්දු යැවීම- කර්තික් ත්‍යාගි 29-2

advertistmentadvertistment
advertistmentadvertistment