තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන ඇමති ධූරයට

521

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉවත්වීම නිසා ඇතිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර පුරප්පාඩුවට පත්කළ ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට අලුතින් පිහිටුවනු ලැබූ තාක්‍ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය ලැබීමට නියමිත බව වාර්තාවේ.එම අමාත්‍ය ධුරය මෙරට ආර්ථිකය යහපත් අතට රැගෙනයෑම සඳහා මුල්වන ආයෝජන ප්‍රවර්ධන ඇතුළු ආයතන රැසක් හිමිවන ලෙස පිහිටුවා ඇත. බැසිල් රාජපක්‍ෂ මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්වීමෙන් පසු ධම්මික පෙරේරා මහතා පත්කරන ලෙස ශ්‍රී ලංකා පොදු පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා මැතිවරණ කොමිසමෙන් කළ ඉල්ලීමකට අනුව ඒ මහතාගේ නම ඇතුළත් කරමින් ගැසට් පත්‍රයක් මුද්‍රණය කිරීමට ද මැතිවරණ කොමිසම කටයුතු කර තිබේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment