තාත්තගේ මන්න පහරින් දියණියගේ පෙම්වතා එතැනමයි

534

පසුගිය 27 දා රාත‍්‍රි අවිස්සාවේල්ල පුවක්පිටිය හගුරල ප‍්‍රදේශයේ නිවසක පවුලේ අය නින්දට ගිය පසු නිවස තුළින් හදිසි ශබ්දයක් ඇසීම නිසා ගෙහිමියා මන්නා පිහියක්ද අතැතිව නිවස පරික්‍ෂා කිරීමෙන් අනතුරුව දියණියගේ කාමරයේ දොරට තට්ටුකර ඇති නමුත් කිසිදු ප‍්‍රතිචාරයක් නොමැති බැවින් කාමරයේ දොරකඩා බලන විට දියණිය තරුණයෙකු සමග නිරුවත්ව පෙම්සුව විඳිනවා දැක ඇත.

ඇතිවූ හදිසි කෝපය පාලනය කරගත නොහැකිව ඔහු තම අත තිබු මන්නා පිහියෙන් තරුණයාගේ ගෙල කපා එම ස්ථානයේදීම ඝාතනය කර ඇත.

පසුව මේ පිළිබඳව කොස්ගම පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව මියගිය තරුණයාගේ මෘතශරීරය අවිස්සාවේල්ල මුලික රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර සිද්ධිය පිළිබඳව මහෙස්ත‍්‍රාත් පරීක්‍ෂණය ඉදිරියේදී පැවැත්වීමට නියමිතය.

සිද්ධිය වූ ස්ථානයට පැමිණි කොස්ගම පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. ඝාතනයට ලක්වූ තරුණයා 23 හැවිරිදි කළුබෝවිලගේ අජිත් කුමාර නමැති පුවක්පිටිය හි`ගුරල, මාවෙලදෙනිය පදිංචි අයෙකි. සිද්ධියට අදාළ පෙම්වතිය 15 හැවිරිදි පාසල් සිසුවියකි.

වැඩිදුර පරීක්‍ෂණ කොස්ගම පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයලත් මහතා සමග පො. සැ. (14720) ප‍්‍රියජන යන අය විසින් පවත්වයි.

අවිස්සාවේල්ල එල්. පී. සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment