තාත්තාගේ ජීවිතය බේරා පුංචි පුතා වෙඩි උණ්ඩෙට දිවි දුන්නා

2265

වීරකැටිය පොලිස් වසමට අයත් ගජනායකගම ප‍්‍රදේශයේ පදිංචිව සිටි දාහතර හැවිරිදි පාසල් සිසුවෙකු වෙඩි පහරකින් ලද තුවාල හේතුවෙන් මියගොස් ඇති බව වීරකැටිය පොලීසිය පවසයි. 19 වන දින රාත‍්‍රි කාලයේදී සිදුවූ වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ ගජනායකගම පදිංචිව සිටි මොහොට්ටිගේ සචින්ත නිම්සර නමැති දාහතර හැවිරිදි පාසල් සිසුවෙකි.

තාත්තාගේ ජීවිතය බේරා පුංචි පුතා වෙඩි උණ්ඩෙට දිවි දුන්නා

19 වන දින රාත‍්‍රි කාලයේ පවුලේ ඥාතීන් පිරිසක් සමග සචින්තගේ පියා ගැටුමක් ඇතිකර ගෙන ඇති අතර එම ගැටුම දුරදිග යෑමෙන් පසු පියාට එල්ල කරන ලද වෙඩි ප‍්‍රහාරය ගැටුම අතරට පැමිණ සිටි සචින්තට වැදී ඇති බවට තොරතුරු අනාවරණය වන බව පොලීසිය පවසයි. වෙඩි ප‍්‍රහාරයෙන් බරපතළ තුවාල ලද සචින්ත වීරකැටිය රෝහල වෙත ගෙනගෙස් ඇති අතර එහිදී මියගොස් ඇත.

මෙම ඝාතනයට සැකපිට තිදෙනෙකු මේ වනවිට වීරකැටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඝාතනයට අදාළ ප‍්‍රධාන සැකකරු ප‍්‍රදේශයෙන් පලාගොස් ඇති බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බවත් වීරකැටිය පොලීසිය පවසයි.

සිද්ධියට අදාළ මහෙස්ත‍්‍රාත් පරීක්ෂණය වලස්මුල්ල වැඩ බලන මහෙස්ත‍්‍රාත් එල්. බී. ‌හේරසිංහ මහතා විසින් පවත්වන ලද අතර පශ්චාත් මරණ පරීක්ෂණය ස`දහා මෘත දේහය තංගල්ල මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලදී.

වීරකැටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ. එච්. කැළුම් සංගීත් මහතාගේ මෙහෙයවීම පරිදි වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

මුල්කිරිගල පී. එස්. හෙට්ටිආරච්චි

උපන් දින පාටියට  හීන මැව්ව මගේ පුතා බිලිගත්තේ  ඇයි දෙයියනේ! – සචින්තගේ මව  රෝහලේදී විලාප තබයි

මගේ රත්තරං පුතාගේ උපන් දිනය සමරන්න තිබුණේ 20දා. මම ගොඩක් ආශාවෙන් හිටියේ. පුතා පවුලේ අයට කථා කරල කිව්ව මගේ උපන් දිනය දා පාටියක් ගන්නව එන්න කියල. පුතා ගොඩක් ආශාවෙන් හිටියේ උපන් දින පාටිය ගන්න. ඇයි මගේ පුතාට එයාගේ ආශාව ඉෂ්ට කරගන්න ඉඩ නොදුන්නේ. පුතා උපන් දිනයට කළින් දවසේම අප හැම තනිකර යන්න ගියා. මේ අෙ`දා්නාව ඇසුනේ වෙඩි පහරකින් ලද බරපතළ තුවාල හේතුවෙන් මියගිය සචින්තගේ දේහය තැන්පත් කර තිබූ වීරකැටිය රෝහලේ මෘත ශරීරාගාරය අසලිනි.

සාහසිකයකුගේ වෙඩි පහරකින් මියගිය දාහතර හැවිරිදි පාසල් සිසුවෙකු වන මොහොට්ටිගේ සචින්ත නිම්සරගේ මහෙස්ත‍්‍රාත් පරීක්ෂණය වලස්මුල්ල වැඩ බලන මහෙස්ත‍්‍රාත් එල්. බී. හේරසිංහ මහතා ඉදිරියේ වීරකැටිය ප‍්‍රාදේශීය රෝහලේදී පැවැත්වුණි.

වෙඩි ප‍්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ සචින්ත වීරකැටිය රෝහල වෙත ගෙන ගොස් ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් තිබූ බව පොලීසිය පවසයි. මියගිය සචින්ත නිම්සර හ/ ගජනායකගම කණිෂ්ඨ විද්‍යාලයේ නවය වසරේ අධ්‍යාපනය හදාරමින් සිට ඇත.

මුල්කිරිගල පී.එස්. හෙට්ටිආරච්චි සූරියවැව නුවන් ජයසේකර
 

advertistmentadvertistment
advertistmentadvertistment