තාත්තා මැරුණා කියන කතාව අමූලික බොරුවක්

1378

පසුගිය ශනිදාවේ තමයි මේ ආරංචිය ලැබී ගින්නක් වගේ පැතිර ගියේ. දිවයින කන්තෝරුවටත් දුරකථන ඇමතුම් ආවේ ඇත්තද මේ කතාව ජිප්සීස් සුනිල් අයියා නැතිවෙලාද? මිනිහට කොරෝනා හැදිලා නේද? කියලා බුකියෙන් නිර්මාණය වුණ මේ ප‍්‍රවෘත්තියේ ඇත්ත නැත්ත දැන ගන්න ඕණ හින්දා අපි වටින් පිටින් විපරම් කරලා බැලූවා. එතකොට තමයි දැනගන්න ලැබුණේ ඔහු නවලෝක රෝහලේ ප‍්‍රතිකාර ගනිමින් සිටින බවත් ඔය පැතිර ගිය ආරංචියේ කිසිදු සත්‍යතාවක් නොමැති බවත්.

තාත්තා මැරුණා කියන කතාව අමූලික බොරුවක්

ජිප්සීස් සංගීත කණ්ඩායම පවත්වා ගෙන යමින් දශක හතරක් පුරාවට ඔහු මෙරට ප‍්‍රසංග වේදිකාවේ නොමැකෙන වැඩ කරමින් රසික ප‍්‍රජාවගේ හිත දිනා ගෙන සිටියේය. පසුගියදා ඔහුද මේ රුදුරු වසංගතයේ ගොදුරක් වූයේය. එවිට සමාජ මාධ්‍යවල ඔහු ගැන මත පළ වූයේ කලාකරුවකුට නොව මේ රටේ කිසිදු සත්ත්වයෙකුට කටයුතු නොකළ ආකාරයටය.

මේ වන විට නවලෝක රෝහල් ප‍්‍රතිකාර ගනිමින් සිටින තම පියාගේ තත්ත්වය දැන ගැනීමට ඔහුගේ පුත් සජීත පෙරේරාට අපි ඇමතුමක් ලබා ගත්තෙමු.

‘ඇත්තටම මේ පුවත ගැන අපේ ගෙදර කිසි කෙනෙක් කලබල වුණේ නැහැ. හැමෝටම අයිතියක් තියෙනවා තමන්ට කැමැති දේවල් පළ කරන්න. ඕකට ඉතිං අපි කලබල වෙලා වැඩක් නැහැනේ සෑහෙන දුරකථන ඇමතුම් නම් ආවා. මම දුරකථනය ස්විච් ඕෆ් කරලා දැම්මා. ඕක ඉතිං මේ රටවල්වල හැටිනේ. මොකක් හරි ගොසිප් එකක් පළ කරලා තමන්ගේ පේජ් එක හිට් කරගන්න නේ බලන්නේ. ඒක මානසික ආතතියක් වගේ දෙයක්නේ.

මේ වැඬේ කවුරු හරි තරහට කරපු දෙයක්ද නැතිනම් තාත්තාගේ තරහකාරයෙක් ද මේ පුවත පළ කළේ?

නැහැ. නැහැ. තමන්ගේ වාසියක් බලාගෙන කරපු දෙයක්නේ. තරහකට මම හිතන්නේ නැහැ කරනවා කියලා. තාත්තාව නවලෝක රෝහලට ඇතුළත් කළේ සිකුරාදා. සෙනසුරාදා තමයි මේ කතාව පැතිර ගියේ. සෑම සමාජ මාධ්‍යකම පළ වෙලා තිබුණා. තාත්තා නැතිවෙලා කියලා. හුස්ම ගන්න බැරිව ඉන්නවා කියලත් හරි විස්තරේ අපි දන්නවානේ මම ආව කට්ටියට කතා කරලා කිව්වා.

දුරකථන ඇමතුම් ගලා ගෙන ආවා කියන්නේ

පුදුම දුරකථන ඇමතුම් තොගයක්නේ ආවේ. දවසට කෝල් 1500 ක් විතර ආවා. මම ඇත්තට කියන කට්ටියට කතා කරලා කිව්වා බැරිම තැන දුරකථනය විසන්ධි කරලා තිබ්බ.

ගෙදර අයගේ පුවතට ප‍්‍රතිචාර ඇති වූයේ කොහොමද?

අපි සරලව ගත්තේ කවුරුවත් එහෙම පැණික් වුණේ නැහැ. අපි දන්නවානේ ඇත්ත තත්ත්වය. නිවුස් එකක් ගියා කියලා කලබල වෙන්න දෙයක් නැහැ. මේ රටේ කවුරුවත් හරි ප‍්‍රවෘත්තියක් පළ කරන්නේ නැහැ. විදෙස් ගත වෙලා ඉන්න කිහිප දෙනෙකුත් කතා කළා. තාත්තාගේ රසිකයොත් කතා කරලා තිබුණා. මම මේ වෙලාවේ හැමෝටම ස්තූතිවන්ත වෙනවා. තාත්තා ගැන හොයලා බැලූවට. මේ පුවතින් පස්සේ අපි ජිප්සීස් ඉන්ස්ටර් ග‍්‍රෑම් පේජ් එකේ දවස ගණේ තාත්තා ගැන අප්ඬේට් එකක් දානවා.

ඇත්තට කිව්වොත් අම්මත් තාත්තත් ඉස්පිරිතාලේ හොඳින් ඉන්නවා. අම්මයි තාත්තයි දෙන්නම පොසිටිව් වුණා. මේ වෙනකොට දෙන්නම ඉන්නේ රෝහල් ගත කරලා.

එතකොට සජිත නිරෝධායනයේද?

මේ වෙනකොට මම නිවසේ නිරෝධායනය වෙනවා. ඇත්තටම අපේ දවස් ටික ඉවරයි. හැමදාම වගේ තාත්තා මට කතා කරනවා. එයාගේ වයසත් එක්ක අපිට වගේ ලොකු දෙයක් නැහැ. එයා නම් ජ්‍යෙෂ්ඨ කෙනෙක්. අනික අවුරුදු හැත්තෑවකට වැඩි පුද්ගලයෙක් වරදක් නැහැ. රෝහලෙන් සියලූ දේවල් හොයා බලනවා. තවම දවස් 14 පිරිලා නැහැනේ. ඊට පස්සේ ගෙදර එවයි.

ගයාන් පෙරේරා කතා කළේ නැතිද?

කතා කරනවා. පවුලේ කට්ටිය අපි හැමදාම වගේ එකිනෙකාට කතා කරනවා. ගයාන් මේ නිව්ස් එකට කලබල වුණේ නැහැ. අපි ඔය නිව්ස් සත පහකටවත්

ගණන් ගන්න යන්නේ නැහැ.

තාත්තා දන්නවාද? මෙහෙම ප‍්‍රවෘත්තියක් පළ වුණා කියලා?

තාත්තා දන්නවා. මම තාත්තාගෙන් අහන්නවත් තාත්තා මගෙන් අහන්නවත්

ගියේ නැහැ. අම්මාගේ දුරකථනය තමයි ළ`ග තියෙන්නේ. ඒකෙන් සමහර විට තාත්තා දකින්න ඇති. තාත්තාගේ අයි පෑඞ් එක ළ`ග තියෙනවා ඒකෙන් ඊ මෙල් එහෙමත් බලනවා.

සංගීත වැඩකටයුතු එහෙම කොහොමද?

කිසිම වැඩක් නැහැනේ. මම නම් හු`ගක් දේවල් කරන්න පටන් ගත්තා විතරයි. හැබැයි කිසිම දෙයක් කරගන්න බැරිව නතරවෙලා ඉන්නවා. අපි සුපුරුදු විදිහට කරන දේවල් කරනවා. මොන දේ වුණත් මුලින්ම කලාවටනේ බාධක එල්ල වෙන්නේ. මේ වෙලාවේ අපිට මොකුත් හිතා ගන්න බැහැ.

තාත්තාට නම් රේඩියෝ ටීවි කමර්ෂල් නම් ලැබෙනවා. ජින්ගල් හදන ඒවා තමයි කරන්නේ තාත්තාගේ වෙළෙඳ දැන්වීමක් මේ දිනවල හරි ජනප‍්‍රිය වුණා. ජිප්සීස් සංගීත කණ්ඩායමේ වැඩ කටයුතුත් තවම හරියාකාරව සැලසුම් කරලා නැහැ. අලූතෙන් කියලා කිසිම දෙයක් කරන්නේ නැහැ.

තාත්තා නැතිවුණා නම් හොඳයි කියලත් සමහරු අන්තර්ජාලයේ පළ කරලා තිබුණා නේද?

ඔව් ඒගොල්ලන්ට හිතෙන්න ඇති තාත්තා නැති වුණොත් හොඳයි කියලා. එහෙම කියන්න ඔවුන්ට මොනව හරි හැෙ`ගන්න එපායැ. අපිට කාටත් දොස් කියන්න බැහැ. සමහරුන්ට හිතෙන්න ඇති සුනිල් පෙරේරා කියන මනුස්සයා නැති වුණොත් හොඳයි කියලා. තව කට්ටියක් භාර හාර ඔප්පු කරනවා. බෝධි පූජා තියෙනවා. මොනවා කරපු නිසාද ඒ මනුස්සයත් එක්ක තරහ කියලා මට තේරෙන්නේ නැහැ. අනික කුහකත්වයත් හැටියට විතරයි මම දකින්නේ. ඒ ඇරෙන්න තරහක්

ගොඩනගාගන්න කිසිම හේතුවක් නැහැ. ඔයිට වැඩිය මේ රටේ හොරකම් කරපු මිනිස්සු ඉන්නවා. මිනීමරපු මිනිස්සු ඉන්නවා. ඔවුන්ට සමහරු මල් තියලා වඳිනවා. අපේ තාත්තා හොරකම් කරලවත් කාටවත් ගරහලවත් වංචාවක් කරලාවත් අපිට කන්න බොන්න දීලා නැහැ. තමන්ගේ මහන්සියෙන් හොයපු රුපියලෙන් තමයි අපිට කන්න බොන්න දීලා තියෙන්නේ. මහජනතාවගේ සල්ලි හොරකම් කරලා කවදාවත් අපිට තාත්තා කන්න බොන්න දීලා නැහැ.

අපේ රටේ කලා සංගම්වලින් මොනවගේ සහයෝගයක්ද ලැබුණේ?

ලොකු සහයෝගයක් ලැබුණු ඔස්කාර් සංවිධානයේ සභාපතිතුමාට විශේෂයෙන් ස්තූතිවන්ත වෙන්න ඕනෑ. ජයන්ත ධර්මදාස මහතා අපිට ලොකු ශක්තියක් වෙලා තියෙනවා. ඉස්පිරිතාලේ ඇඳක්වත් නැති වෙලාවේ විශේෂයෙන් අපේ තාත්තාට අම්මාට ලොකු ශක්තියක් වුණා. වෙනම රෝහල් කාර්ය මණ්ඩලයක් යොදවලා තියෙනවා.

තාත්තා ගෙදර ඉන්න කොටද අමාරු වුණේ

තාත්තාට හුස්ම ගන්න කිසි අමාරුවක් තිබුණේ නැහැ. එයාගේ ඔක්සිජන් ලෙවල් එක අඩුවුණා. ඒ කියන්නේ දැන් හුස්ම ගන්න බැහැ. ද`ගලනවා. මැරෙන්න එනවා වගේ කිසිම දෙයක් තිබුණේ නැහැ. ඔක්සි මීටර් එකෙන් බැලූවහම තියෙන්න ඕනෑ 95 ට. නමුත් තිබුණේ 92 ට. ඒක නිසා වයසත් වැඩි හින්දා අපි ඉස්පිරිතාලේට ගිහිල්ලා ඇඞ්මිට් කළා මොකද එයා හාර්ට් පේෂන්ට් කෙනෙක්. තාත්තා වෙනුවෙන් උදව් කරපු හැමෝටම ස්තූති වන්ත වෙනවා. ඒ වගේම මම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා ලබාදුන් දුරකථන ඇමතුම්වලට ප‍්‍රතිචාර නොදැක්වීම ගැනත්.

මොකද මමත් කොවිඞ් පොසිටිව් වෙලා හිටියේ. දැන් මට සුවයි. මගේ බිරිඳ දරුවන් පවා කොවිඞ් රෝගයට ගොදුරු වුණා. ඔවුන් සියලූ දෙනාටම දැන් සුවයි. මගේ බාල නංගී විතරයි වසංගතයෙන් බේරුණේ. ලොකු නංගි මෙහේ නැහැනේ.

මට නම් දැන් සියයට සියයක් සුවයි. බොරු ප‍්‍රචාර පතුරුවන්න එපා කියලා තමයි ඉල්ලන්න තියෙන්නේ. ඊට පස්සේ මිනිස්සු කලබල වෙනවා. අන්තිමේ අපිට පුදුම දුරකථන ඇමතුම් තොගයක් එනවා. මට තවම තේරුම් ගන්න බැහැ ඇයි මෙහෙම බොරු ප‍්‍රචාර යවන්නේ කියලා. හේතුව තවම හිතාගන්න බැහැ තාත්තා ගැන හරි අප්ඬේට් එකක් ගන්න ජීප්සීස් පේජ් එක බලන්න කියලා තමයි ඉල්ලන්නේ. ඔයගොල්ලොත් පරිස්සමින් ඉන්න කියලා තමයි ඉල්ලන්නේ.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment