තානාපතිවරු  තානායම්පතිවරු වගේ  වැඩ කරනවාද කියා  සොයා බලන්න

264

– ඊතලවැටුණුවැවේ ඥානතිලක නාහිමි

මොන රජයක් පත්වුණත් අනුරාධපුරයට  හැමදාම අඩු සැලකිලි තමයි

තානාපතිවරු ලෙස සේවයට යවන පුද්ගලයන් තානායම්පතිවරු ලෙස රාජකාරි ඉටු කරන්නේ දැයි සොයා බැලිය යුතු බව මිරිසවැටිය විහාරාධිකාරී, ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියෝ, අගමැති දනේෂ් ගුණවර්ධන මහතා හමුවේ ප්‍රකාශ කළහ.

පෙරේදා (18 දා) අනුරාධපුරය වෙත පැමිණ සිටි අගමැතිවරයා එහිදී මිරිසවැටිය විහාරස්ථානය වැඳපුදා  ගැනීමෙන් අනතුරුව විහාරාධිකාරී හිමියන් බැහැදුටු අවස්ථාවේදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර සිටියහ.

එහිදී අගමැතිවරයා හමුවේ වැඩිදුරටත් අදහස් දැක්වූ ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමියෝ මෙසේද පැවසූහ.

මොන රජය පැමිණියත් මේ පළාතට හොඳ ඇමැතිකම් ලැබෙන්නේ නැහැ. තානාපතිවරු, සංස්ථා සභාපතිවරු ලැබෙන්නේ නැහැ. මේ පළාතට අමාත්‍යාංශ ලේකම්වරු ලැබෙන්නෙත් නැහැ. මේ පළාතේ ජාතික පාසල් වැඩි කිරීම වෙනුවෙන් ක්‍රියාකරන්න කියලත් මම ඔබතුමාගෙන් ඉල්ලනවා.

තානාපතිවරු ලෙස යන පුද්ගලයන් රට වෙනුවෙන් මොනවද කරන්නේ කියා සොයා බැලිය යුතුයි. අද තානාපතිවරුන්ගෙන් බලාපොරොත්තු වන සේවය ලැබෙනවා ද සැකයි. මිරිසවැටිය චෛත්‍යය හදලා අවුරුදු දෙදහස් එකසිය පනහක් වෙනවා. හදපු දවසේ ඉඳලා අද වෙනකම් රටට ඩොලර් ගෙනඑනවා. නමුත් ඩොලර් ගේන්න අද හදපු කිසිවක් නැහැ. අද ආර්ථික දැක්ම ගැන ත්‍රීවීල් රථවලත් වැකි ලියනවා. එකක තිබුණා නම උක්කුං බොන්නෙ ප්ලේන්ටී කියලා. ඇත්ත කතාව. තව එකක තිබුණා මට මං වෙන්න මේ හොඳටම ඇති, මට ඌ වෙන්න මේ හොඳටම මදි කියලා. ඇත්ත, අපිට අපි වෙන්න මදි වුණු නිසා තමයි මේ අවුල් සියල්ල ඇතිව තිබෙන්නේ. අපි අපේ සීමාව ඉක්මවා වැඩ කළ යුතු නැහැ. රටක් හැටියට, ගමක් හැටියට, සහ නගරයක් හැටියට මේ ප්‍රශ්න ඒ නිසයි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment