තාප බලාගාර මගින් විදුලිය උත්පාදනයට මාස පහට ඩොලර් මිලියන 700ක් වැය වෙලා

128

ඉකුත් මාස පහේදී තාප බලාගාර මගින් දිගටම විදුලිය උත්පාදනය කිරීම නිසා ඉන්ධන සඳහා වැයකර තිබෙන ඩොලර් ප්‍රමාණය මිලියන 700 ඉක්මවා ඇතැයි විදුලි ඉංජිනේරුවෝ පවසති.

පෞද්ගලික බලාගාරවලින් විදුලිය ලබාගැනීමට සිදුවීම නිසා ඒ සඳහා අතිවිශාල මුදලක් ගෙවීමට සිදුවන බවත්, මණ්ඩලයට වන අමතර පාඩුව පියවා ගැනීමට විදුලි ගාස්තු ඉහළ දැමීම හැර විකල්පයක් නැති බවත් ඔව්හු කියති. ඉකුත් දිනවල ජලපෝෂක ප්‍රදේශවලට වැසි ලැබීම නිසා ජලවිදුලි නිෂ්පාදනය ඉහළ ගොස් තිබුණත් රටේ විදුලි අවශ්‍යතාව පිරිමසා ගැනීමට නම් තවදුරටත් ඉන්ධන මගින් විදුලිය ලබාගැනීමට සිදුවන බවද ඔව්හු කියා සිටිති. අපොස සාමාන්‍ය පෙළ විභාගය අවසන් වීමත් සමග යළි විදුලිය කපාදැමීමට සිදුව ඇත්තේ ඉල්ලුම සපුරාලීමට අවශ්‍ය විදුලි නිෂ්පාදනයක් සිදුනොවන නිසා යැයිද මේ තත්ත්වය තේරුම්ගෙන සූර්ය බලශක්ති (සූර්ය පැනල) ව්‍යාපෘතිවලට වහා යා යුතුව ඇතැයි ද ඔව්හු පවසති.

මෙරට ඉදිකිරීමට යෝජනා කර තිබෙන විදුලි ව්‍යාපෘති කඩිනමින් ආරම්භ නොකළහොත් ඉදිරි වසරවලදී විදුලි අර්බුදය තවත් උග්‍ර අතට පත්වන බවද ඉංජිනේරුවෝ කියා සිටිති.

ශිරාන් රණසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment