තායිලන්තයේ පෙර පාසල් මධ්‍යස්ථානයක වෙඩි තැබීමකින් ළමුන් ඇතුළු 34 ක් මරුට

208

හිටපු පොලිස් නිලධාරියකු විසින් ඊයේ (06දා) දහවල් තායිලන්තයේ පෙර පාසල් දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට කඩා වැදී ඉවක් බවක් නැතිව සිදු කළ වෙඩි තැබීමකින් කුඩා ළමුන් හා වැඩිහිටියන් 34 දෙනකු මිය ගොස් ඇති බව වාර්තා විය.

තායිලන්තයේ පෙර පාසල් මධ්‍යස්ථානයක වෙඩි තැබීමකින් ළමුන් ඇතුළු 34 ක් මරුට

ඊසානදිග තායිලන්තයේ පිහිටි නොන්ග් බුවා ලම්පු ප්‍රදේශයේ පිහිටි පෙර පාසල් දිවා සුරැකුම් මධ්‍යස්ථානයක සිදුව ඇති මෙම වෙඩි තැබීමේ සිද්ධිය හේතුවෙන් සිය දිවි බේරා ගැනීම සඳහා දිව යමින් සිටි කුඩා ළමුන් හා වැඩිහිටියන්ට වෙඩික්කරු වූ පොලිස් නිලධාරියා පිහියෙන්ද ඇන ඇති බව වාර්තා වී තිබේ. පසුගියදා සේවයෙන් පහ කිරීමට ලක්ව ඇති මෙම පොලිස් නිලධාරියා වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු පලා ගොස් ඇති අතර ඔහු සොයා මෙහෙයුමක් දියත් කර ඇති බව තායිලන්ත පොලිසිය පවසයි. සිද්ධිය සැල වීමෙන් පසු ඝාතක පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන උපරිම දඬුවම් ලබා දීමට පියවර ගන්නා ලෙස තායිලන්ත අගමැතිවරයා විසින් පොලිසිය ඇතුළු වගකිවයුතු අංශ වෙත නියෝග කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment