තායිලන්තය කොරෝනා එන්නත් මිශ‍්‍රකර ජනතාවට ලබාදෙයි

221

 කොරෝනා වසංගතය ශීඝ‍්‍රයෙන් පැතිරෙන තායිලන්තය සිය කොරෝනා එන්නත්කරණ වැඩසටහන යටතේ මහජනතාවට චීනයේ නිෂ්පාදිත ‘‘සයිනොවැක් ” හා ‘‘ඔක්ස්ෆර්ඞ් – ඇස්ට‍්‍රාසෙනෙකා ” එන්නත් මිශ‍්‍ර කර ලබා දීමට පියවර ගෙන තිබේ.
 
 චීනයේ නිෂ්පාදිත ‘‘සයිනොවැක් ” කොරෝනා මර්දන එන්නත් මාත‍්‍රා දෙකම ලබා ගත් තායිලන්ත සෞඛ්‍ය සේවකයන් සිය  ගණනකට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙසේ ‘‘සයිනොවැක්” එන්නතේ පළමු මාත‍්‍රාවට පසු දෙවැනි මාත‍්‍රාව වශයෙන් මහජනතාවට ‘‘ඔක්ස්ෆර්ඞ් – ඇස්ට‍්‍රාසෙනෙකා” එන්නතේ මාත‍්‍රාවක් ලබාදීමට පියවර ගෙන තිබේ. ඉකුත් අපේ‍්‍රල් සිට ජුලි දක්වා කාලය තුළ චීන එන්නතේ මාත‍්‍රා දෙකම ලබා ගත් තායිලන්ත සෞඛ්‍ය සේවකයන් 618 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන අතර එක් හෙදියක් ආසාදනය හේතුවෙන් මිය ගොස් ඇති බව වාර්තා වී තිබේ. තවත් සෞඛ්‍ය සේවකයෙකු කොරෝනා ආසාදනය හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයෙන් යුතුව රෝහල්ගත කර සිටී. චීන එන්නතේ මාත‍්‍රා දෙකම එන්නත් කළ සෞඛ්‍ය සේවකයන්ටද තුන්වැනි එන්නත් මාත‍්‍රාව වශයෙන් වෙනත් කොරෝනා මර්දන එන්නතකින් මාත‍්‍රාවක් ලබා දීමට තායිලන්ත සෞඛ්‍ය බලධාරීන් විසින් සැලසුම් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment