තායිලන්තය හිටපු කොටින්ගේ පාරාදීසයක්… තායි බුද්ධි සේවාවේ අනාවරණයක්

896

කොළඹ බෝම්බ පිපිරවූ කොටි බෝම්බකරු
රාසනායගම් තවනේෂන් අබුඩාබි නුවරදී අත්අඩංගුවට

කොටි හිතවාදී සංවිධාන 7 ක තහනම ඉවතට

යුවාන් වැන්ග් -5 නැමැති චීන ඔත්තු බැලීමේ නෞකාවට හම්බන්තොට වරායට සම්ප්‍රාප්ත වීමේ අවසරය දැන් ලැබී ඇත. ඉන්දීය මාධ්‍ය පමණක් නොව මෙරට සිටින ඉන්දීය වාර්තාකරුවන් ද මෙම නෞකාව හම්බන්තොටට පැමිණීම බරපතළ ආරක්‍ෂක තර්ජනයක් බව කියා සිටියේය. හිටපු ඉන්දීය අගමැති රජීව් ගාන්ධි ඝාතනය කිරීමට ප්‍රභාකරන් සැලසුම්කරන බවට ප්ලොට් නායක සිද්ධාර්ථන් ලබාදුන් තොරතුරු නිසි ස්ථානවලට යොමුනොකළ ඉන්දීය සාම හමුදාවේ බුද්ධි ප්‍රධානි කර්නල් හරිහරන්ද චීන නැවේ ආගමනය සමස්ත ඉන්දීයකලාපයටම තර්ජනයක් ලෙසට හඳුන්වනු ලැබූ අතර එම නැව මෙරටට ඒම වැළැක්වීමට ගත් උත්සාහය අසාර්ථක විය.

මේ ඉන්දු චීන ගැටුම අද ඊයේ ඇතිවූවක් නොවේ. වන්නි මෙහෙයුම සඳහා චීනයෙන් අවිආයුධ මිලයට ගැනීමට ශ්‍රී ලංකාව පියවර ගැනීම ගැන ඉන්දියාව දැඩි විරෝධය පෑවේය. ඉන්පසු කොටි ගුවන් යානාවල ආගමනය දැනගැනීමට චීනයෙන් ත්‍රිමාණ රේඩාර් පද්ධතිය ලබාගැනීමටත් ගෝඨාභය රාජපක්‍ෂ කටයුතු කරද්දී මෙරට ඉන්දීය තානාපතිවරයා පැමිණ හාරත් ඉලෙක්ට්‍රොනික් සමාගම නිපදවූ ඉන්ද්‍රා රේඩාර් පද්ධතිය ලබාදුන්නේය. එහෙත් කොටි ගුවන් යානා වව්නියාවට එනවිට රේඩාර් පද්ධතිය අක්‍රිය විය. එසේම කොළඹ පෝට් සිටි ව්‍යාපෘතිය නතර කරන ලෙස හිටපු ජනපති වෙත ඉන්දීය ආරක්‍ෂක උපදේශක අජිත් ඩෙවොල් කළ ඉල්ලීමට ද ශ්‍රී ලංකා රජය එකඟවුයේ නැත.

මේ පසුබිම මැද ශ්‍රී ලංකාවේ සිදුවන්නේ කුමක්දැයි ඩෙවොල් බලාසිටියේය. මේ ඩෙවොල්ගේ අලුත්ම මෙහෙයුම වූයේ යුවාන් වැන්ග්- 5 නෞකාවයි. එහෙත් චීන නැවේ ආගමනය නතර කිරීමට ශ්‍රී ලංකාවට නොහැකිවූයේ ජාත්‍යන්තර නාවික නීතිය යටතේ එම නැවට ඉන්ධන යන අනිකුත් පහසුකම් පිළිවෙත ඉටුකරමින් රජය බැඳී සිටීමයි. චීනය සිය නෞකා ඉන්දීය සාගරයට ඒම වැළැක්වීම සඳහා මෙයට කලකට පෙර ඇමරිකාව, ඉන්දියාව, ඔස්ටේ්‍රලියාව, ජපානය, මාලදිවයින ඒකාබද්ධවී කුවාඩ් සංවිධානය ස්ථාපිත කරනු ලැබීය. ඊට එකතුවීම ප්‍රතික්‍ෂේප කළේ ශ්‍රී ලංකාවයි. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාව සඳහා පත්කළේ උග්‍ර චීන විරෝධි ජූලි චැන් නැමැති තානාපතිවරියයි.

ඇය චීන නැව ශ්‍රී ලංකාවට පැමිණීම ව්‍යර්ථ කිරීම සඳහා දැඩි උත්සාහයක් ගත්තත් ඇගේ උත්සාහයද ව්‍යාර්ථ වුණි.

මේ පසුබිම මැද ජපානයේ නික්කෙයි වෙබ් අඩවියේ විචාරකයා ආර්ථික අර්බුදයට ලක්වී සිටින ශ්‍රී ලංකාව උදව් ලෙස තෙල් සහ අනිකුත් කටයුතු සඳහා ශ්‍රී ලංකාව ආධාර ලබාදීමේ අවස්ථාව පැමිණ ඇති බවත් එම ආධාර වෙනුවෙන් ශ්‍රී ලංකාව ක්වාඩ් සංවිධානයට බඳවාගෙන චීනයට එරෙහිව ක්‍රියාකිරීම සඳහා සකස්විය යුතු බව පළකළේය. එම උත්සාහයද අසාර්ථක විය. මෙලෙස ඉන්දීය චීන ගැටුමට මුල පිරූ තවත් ප්‍රශ්නයක් වූයේ උතුරේ දූපත් තුනක සුළං බලාගාර ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව චීන සමාගමකට ලබාදීමයි. ඊට ද ඉන්දීය රජය දැඩිලෙස විරෝධය පෑම නිසා රජයට සිදුවූයේ එය ඉල්ලා අස්කර ගැනීමටයි. මේ තත්ත්වය මැද දවසේ පැය 24 පුරාම ඉන්දීය සාගරය විමර්ශනය කිරීමට ඉන්දියාවට සිදුවිය. මේ සඳහා ඩෝනියර් නිරීක්‍ෂණ යානාවක් ලබාදීමට ඉන්දියාව ක්‍රියාකළේය. එම නිරීක්‍ෂණ යානාවට අමතරව ශ්‍රී ලංකාවට බීච්කාෆ්ට් නිරීක්‍ෂණ යානාවක් ලබාදීමට ඇමරිකාව එකඟ විය. මෙවන් පසුබිමක් මැද චීන නැව හම්බන්තොට වරායට වෙත ඒමේ සටනින් ජයගත්තේ චීනයයි. චීනය මුලින්ම අත තැබුවේ හම්බන්තොට වරායටය. ඒ පිළිබදව සෙවීමට ප්‍රංශ තානාපති සහ ජපන් ආරක්‍ෂක ඇමති ද හම්බන්තොටට පැමිණියේය.

එහෙත් මෙරට ප්‍රචාරය වූයේ චීනය සහ ජපානය ආයෝජන කලාප ඇතිකිරීමට එම ප්‍රදේශය නිරීක්‍ෂණය කරන බවයි. එසේ වුවත් ඇත්ත තත්ත්වය නම් ක්වාට් සංවිධානය මගින් හම්බන්තොට වරායේ උපාය මාර්ගික තත්ත්වය නිරීක්‍ෂණ කිරීමය. එසේම අගෝස්තු 1 දා චීන විමුක්ති හමුදාවේ 95 වැනි සමරුව විය. කොළඹ චීන තානාපති කාර්යාලය ඒ සඳහා හිටපු හමුදා බලධාරීන්වූ දයා රත්නායක, මේජර් ජෙනරාල් රවිප්‍රිය සහ මේජර් ජෙනරාල් ජගත් ජයසූරියගේ පණිවුඩ සහිතව විශාල ප්‍රචාරයක් ලබාදීමට ක්‍රියාකරනු ලැබීය.

මෙවන් පසුබිමක් මැද හිටපු ජනපති තායිලන්තයට පැමිණීම ගැන කොටි ඩයස්පෝරාව විමර්ශනය කරන බව තායි බුද්ධි සේවාවට වාර්තා විය. වන්නි මෙහෙයුමින් කොටි පරාජය වීමට පෙර අග්නිදිග ආසියාවේ කොටි කේන්ද්‍රස්ථානය වූයේ බැංකොක් නුවරයි. කොටි ආයුධ ජාලයේ ප්‍රධානියකු වූ අයියන්නා ශ්‍රී ලංකාවට ආයුධ ප්‍රවාහනය කළේ තායිලන්තයේ සිටය. කොටි සහ ශ්‍රී ලංකා රජය අතර සාම සාකච්ඡාවක් ආරම්භ වූයේ තායිලන්තයේ සතාහිප් නගරයේදීය. එසේම අවිආයුධ වර්ග 400ක ලැයිස්තුවක් තමාට ලබාදුන් ප්‍රභාකරන් අයියන්නාට එය ලබාදී ආයුධ ශ්‍රී ලංකාවට එවන ලෙස උපදෙස් දී තිබූ බව කරුණ අම්මාන් හෙළිකර තිබුණි. මේ පසුබිම මැද කුලී මිනීමරුවන් රැසක් සිටින්නේ තායිලන්තයේ බව හෙළිවිය. එසේම පළපුරුදු ස්නයිෆර් කරුවන් ද තායිලන්තයේ සිටි. මෙලෙස තායිලන්තයට ගිය ගෝඨාභයගේ කණ්ඩායමේ සංඛ්‍යාව තුනකි. ඊට ඔහුගේ බිරිය ද ඇතුළත්ය. තායි බලධාරීන් පැවසුවේ තායිලන්තයේ සිට දේශපාලන කටයුතුවල නිරත නොවිය යුතු බවයි. තානාපති ගමන් බලපත්‍ර හිමි ඔහුගේ කණ්ඩායම ඉඳුම් හිටුම් සහ ආහාර පාන සඳහා මුදල් ගෙවීමට කටයුතු සලස්වාගතයුතු බව තායිබලධාරීන් දන්වා තිබුණි. එහෙත් තායි හමුදාවේ ආරක්‍ෂාවද ගෝඨාභයට හිමිවී ඇත. මේ තත්ත්වය මත 69 ලක්‍ෂයක ඡන්දය ගත් ගෝඨාභය රාජපක්‍ෂ ඔහුගේ අනුවන ක්‍රියාකලාපය නිසා දේශපාලන අනාථයකු බවට පත්වී තිබේ. එසේ වුවත් කෝටිපති ව්‍යාපාරිකයකු බවට පත්වූ හිටපු හමුදා නිලධාරියකු ඔහුට සහය වන බව අනාවරණය වී ඇත.

මේ අතර මෙරට ඇමරිකානු තානාපතනිය ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට සෘජුව මැදිහත්වන අයුරු වර්තමාන ජනපතිවරයා බලාසිටියේය. හිටපු ජනපති ගෝඨාභය රාජපක්‍ෂ සමයේදී ජූලි චැන්ග් තානාපතිනිය මෙරට කටයුතුවලට මැදිහත්වූවත් විදේශ කටයුතු බලධාරීන් ලවා ඇය වියනා සම්මුතිය උල්ලංඝණය කරන බව පැවැසීමට ගෝඨාභය රාජපක්‍ෂ බිය විය. ජූලි චැන්ග් ඇමරිකාවේ කැපිටල්හිල් හෙවත් එරට පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලට ඇමරිකානු අරගලකරුවන් කඩාවැදීම අමතක කර මෙරට විරෝධතාකරුවන්ට සහය දැක්විය. එහෙත් අගෝස්තු 3 දා විනිසුරු ඩැබ්නේ ප්‍රයිඩ්රිච් කැපිටල් හිල් ප්‍රහාරයට සම්බන්ධ අරගලකරුවූ හයි වෙස්ලිට වසර 7 ක සිරදඬුවමක් දුන්නේය. එසේම එම කැපිටල් හිල් ගොඩනැඟිල්ලට ප්‍රහාර එල්ල කළ 800 ක් අත්අඩංගුවට ගෙන ඇතැයිද වාර්තා විය.

එහෙත් එම තොරතුරුවලට මෙරටදී ප්‍රචාරයක් නොලැබුණි. එම අරගලකරුවා සිදුකළ හානිය නිසා රජයට ඩොලර් 2000ක දඩයක්ද නියම විය. මෙවන් තත්ත්වයක් මැද ඇමරිකානු කොංග්‍රස් සභිකයන් වූ බිල් ජොන්සන් සහ ඩැනි ඩේවිස් ශ්‍රී ලංකාවේ නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා ඇමරිකානු රජය මැදිහත්විය යුතු බව එරට රාජ්‍ය ලේකම් ඇත්නනි බ්ලින්කන් කියා සිටියහ. මෙම දෙදෙනාම කොටි හිතවාදීන් වේ. වසර ගණනකට පෙර ඩැනි ඩේවිස් ඇමරිකානු කොටි ඩයස්පෝරාවේ අරමුදල්වලින් මෙරටට පැමිණ වන්නියට ගොස් ප්‍රභාකරන්ගේ සටන සාධාරණ බව ප්‍රකාශ කර තිබුණි. එහෙත් ඔහුට එරෙහිව ඇමරිකානු කොංග්‍රසය තුළදී ත්‍රස්ත සංවිධානයක අරමුදල්වලින් විදේශ සංචාරයක යෙදීම ගැන චෝදනා එල්ල වූයේ නැන. මෙයට සමානව තවත් ඇමරිකානු කොංග්‍රස් මන්ත්‍රීවරියක් ශ්‍රී ලංකාව තුළ ද්‍රවිඩ සංහාරයක් සිදුවූ බව දන්වමින් එය පිළිගන්නා ලෙස ඇමරිකානු රජයෙන් ඉල්ලා ඇත. එහෙත් හිටපු ජනපති නිදාසිටි අයුරින් මෙරට රජය ද නිදා සිටියි. මේ අතර සැප්තැම්බර් 11 වැනිදා ආරම්භ වන 51 වැනි ජිනීවා සමුළුවේදී ශ්‍රී ලංකාවට අවසාන ඇණය ගැසීමට කොටි ඩයස්පෝරාව සූදානම් වේ. මෙරට සමුළුව ආරම්භ වන්නේ 2022 සැප්තැම්බර් 11 දායි. එහිදී ශ්‍රී ලංකාවට එරෙහිව තවත් ජිනීවා යෝජනාවක් ඉදිරිපත් කරන්නේ ඇමරිකාවයි.

තායිලන්තය හිටපු කොටින්ගේ පාරාදීසයක්… තායි බුද්ධි සේවාවේ අනාවරණයක්

2015 සැප්තැම්බර් මස 30 ඒ ජිනීවා යෝජනාව ඉදිරිපත්කිරීමට ඇමරිකාව ක්‍රියාකළ අයුරින් මෙවරර යෝජනාවද ගෙන එනු ඇත. 2015 දී ජිනීවා යෝජනාවට එරෙහිව දේශප්‍රේමීහු ක්‍රියා කළහ. එහෙත් අද සිදුවූ ඇත්තේ හිටපු ජනපති ගෝඨාභය දේශප්‍රේමී විසිකර සතුරන් ලංකර ගැනීම නිසා දේශප්‍රේමීන් ඔහුගෙන් ඉවත්වීමයි. එහි ප්‍රතිඵලය වූයේ ජිනීවාහිදී වසර ගණනාවක් තිස්සේ දියත් වූ සටන නතර වීමයි. 2009 මැයි මස සිට 2021 දක්වා ගෙනගිය ජිනීවා සටන නතරවීමෙන් පසු ජනපති ගෝඨාභය රාජපක්‍ෂ බලයෙන් ඇද වැටී සිංගප්පූරුවටත් එතැන් සිට තායිලන්තයටත් යෑමය. ඔහු ගමන්ගත් කුලියට ගත් යානාව මුලින්ම බෞද්ධ සිද්ධස්ථාන ඇති පුහුකට් ගුවන් තොටුපළට ගොඩබැස්සීමට නියමිත වුවත් පසුව එය ආපසු බැංකොක්හි ඩොන් ටුවෙන් ගුවන් තොටුපළට පැමිණ ඇත. හිටපු ජනපතිවරයා පුහුකට් ප්‍රදේශයට එනබවට තොරතුරු කල්තියා පිටවී තිබේ.

එසේම ඔහු බැංකොක්හි හෝටලයක තායි විශේෂ ආරක්‍ෂක ඒකකයේ රැකවලකු සමඟ මෝටර් රියකට ගොඩවීමට එන ඡායාරූපයක් බැංකොක් පෝස්ට් පත්‍රයේ පළ විය. ගෝඨාභය තායිලන්තයට පැමිණීම ගැන තායි අගමැතිවරයා පැවසුවේ මානුෂික හේතු මත ඔහුට තායිලන්තයේ දවස් 90 ක් රැඳීසිටීමට ඉඩදී ඇති බවයි. එසේම සිංගප්පූරුවේ සිට කුලී ගුවන් යානාවකින් තිදෙනෙකු සමඟ තායිලන්තයට පැමිණීමට ඔහු ක්‍රියාකර ඇත. මෙහිදී තායි රජය ගෝඨාභයට අනතුරු ඇඟවමින් පවසා ඇත්තේ ඔහුගේ ජීවිතයට අනතුරක් සිදුවීමට ඉඩ ඇති නිසා හෝටලයෙන් පිටතට නොයන ලෙසයි. තායි බලධාරීන් එම අනතුරු අඟවීම කළේ තායිලන්ත හිටපු කොටි කේන්ද්‍රස්ථානයක් වීමත් හිටපු කොටි තායිලන්තය තුළ තවදුරටත් රැඳී සිටීමත්ය. එසේම තායිලන්තයේ කහ තොප්පිකරුවන් කල්ලිය සහ හිටපු කොටි අතර සබඳතාවයක් හෙළිවී තිබේ. රටක දේශපාලන රැකවරණ ලබාගන්නා තුරු දින 90 ක් තායිලන්තයේ සිටීමට තායි රජය ඉඩදී තිබේ. තායි රජය එරට විශේෂ රැකවරණ ඒකකයේ ආරක්‍ෂාව ගෝඨාභයට ලබාදී ඇත්තේ ඔහුගේ ජීවිතයට තර්ජන එල්ල වී ඇති බව ලත් බුද්ධි තොරතුරු මතය.

ගෝඨාභය රැගත් කුලී ගුවන් යානාව තායිලන්තයේ දොන් මුවෙන් ගුවන් තොටුපළට යාබද හමුදා ගුවන් තොටුපළේ 6 වැනි අංගණයට පැමිණීම නිසා ඔහුගේ තායිගමන විවිධ පාර්ශ්ව වලට දැකගත නොහැකි විය. සිවිල් ගුවන් තොටුපළක් සමීපයේ හමුදා ගුවන් තොටුපළක් තිබීම නිසා ගෝඨාභයට කාටත් නොපෙනී තායිලන්තයට ඇතුළුවීමට ඉඩ ලැබුණි. එහෙත් ශ්‍රී ලංකාවේ හමුදා ගුවන් තොටුපළක් නැත. ඔහුගේ පාලන සමයේදීවත් හදිසි අවස්ථාවකදී භාවිතයට ගැනීමට හමුදා ගුවන්තොටුපළක් ඉදිකර නොතිබුණි.

තායිලන්තය හිටපු කොටින්ගේ පාරාදීසයක්… තායි බුද්ධි සේවාවේ අනාවරණයක්

එහෙත් තායිලන්තයේ හමුදා ප්‍රධානීහු සිවිල් ගුවන් තොටුපළවල්වලට අමතරව හමුදා ගුවන්තොටුපළවල් ඉදිකර තිබුණි. මෙලෙස තායිලන්තයට ඇතුළුවීම සඳහා ගෝඨාභය රාජපක්‍ෂට හැකිවූයේ තායිලන්තයේ සහ සිංගප්පූරුවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල සහයෙනි. මේ අතර කොටි හිතවාදී සංවිධාන 7 ක තහනම රජය ඉවත් කර ඇත. මෙම සංවිධාන පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාකළ කොටි සංවිධාන වේ.

advertistmentadvertistment
advertistmentadvertistment