තායිලන්ත අගමැති සහ ශ‍්‍රී ලංකා තානාපති අතර සුහද හමුවක්

225

තායිලන්ත අග‍්‍රාමාත්‍ය හා ආරක්ෂක අමාත්‍ය ජනරාල් ප‍්‍රයුත් චාන් ඕ චා මහතා සහ තායිලන්තයේ ශ‍්‍රී ලංකා තානාපති එක්සත් ජාතීන්ගේ ආසියානු සහ පැසිෆික් කලාපයේ ආර්ථික සහ සමාජ කොමිසමේ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය වන සී. ඒ. චමින්දා අයි. කොලොන්නේ මහත්මිය අතර හමුවක් බැංකොක්හි පිහිටි අග‍්‍රාමාත්‍ය නිල නිවසේ දී පසුගිය 06 වැනිදා සිදුවිය.

 සියවස් ගණනාවක් පුරා දෙරට අතර පවතින මිත‍්‍රත්වයේ සහ සහයෝගීතාවයේ දීර්ඝකාලීන බැඳීම මෙන්ම ථෙරවාදී බෞද්ධ සම්ප‍්‍රදායන් තුළ දැඩි ලෙස මුල් බැසගත් අනන්‍යතාවයද සිහිපත් කළ තානාපති කොළොන්නේ මහත්මිය ශ‍්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ, උණුසුම් සුභාශිංසන තායිලන්ත අග‍්‍රාමාත්‍යවරයා වෙත පිරිනැමීය.

 අපනයන, ආයෝජන විශේෂයෙන් නව සාමාන්‍ය සන්දර්භය තුළ ශ‍්‍රී ලංකාව සහ තායිලන්තය අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීම අවධාරණය කළ අග‍්‍රාමාත්‍ය ජනරාල් ප‍්‍රයුත් චාන් ඕ චා ද්විපාර්ශ්වික නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡුා වේගවත් කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළේය.

 තානාපතිනි කොළොන්නේ තායිලන්ත ආයෝජකයන්ට කොළඹ වරාය නගරයේ ආයෝජනයන් කරන ලෙස ආරාධනා කළ අතර ඇගේ ඉල්ලීම මත අග‍්‍රාමාත්‍ය ජනරාල් ප‍්‍රයුත් කොළඹ වරාය කොමිසම සහ ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග මාර්ගගත හමුවීමක් සිදුකරන ලෙස තායිලන්තයේ ආයෝජන මණ්ඩලයට නියෝග කළේය.

 ශ‍්‍රී ලංකාවට කොවිඞ් වසංගත තත්ත්වයෙන් මිදීමට සහ කෘෂි කර්මාන්තය, ධීවර කර්මාන්තය සහ කෘතිම වැසි සෑදීම යන ක්ෂේත‍්‍රයන්හි උන්නතියට තාක්ෂණික සහයෝගය ලබාදෙන බවට තායිලන්ත අග‍්‍රාමාත්‍යවරයා සහතික විය.

 දෙරට අතර භාෂා බාධකය ඉවත් කර පුද්ගලයින් අතර සබඳතාව වැඩිදියුණු කිරීමේ අරමුණින් ශ‍්‍රී ලංකාව තුළ තායි භාෂාව ඉගැන්වීමේ මධ්‍යස්ථානයක් හා තායිලන්තය තුළ සිංහල භාෂාව

 ඉගැන්වීමේ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට තානාපතිනිය කළ යෝජනාවට තායිලන්ත අග‍්‍රාමාත්‍යවරයා කැමැත්ත පළ කළේය.

 කොවිඞ් වසංගත තත්ත්වය අවම වූ විටෙක ශ‍්‍රී ලංකාවට සංචාරයක් සඳහා පැමිණෙන ලෙස තානාපතිනිය තායිලන්ත අග‍්‍රාමාත්‍යවරයාට ආරාධනාවක් ද කළාය. කොටස් වෙළෙඳපොලේ පසුබෑමක්

advertistmentadvertistment
advertistmentadvertistment