තායිවානයට චීනය කරන බලපෑම් අසල්වාසී රටවලට තර්ජනයක්

189

චීනය තායිවානය යටත් කරගන්නා බවට නිතර පැවසීමෙන් අසල්වාසී රටවල සාමයට තර්ජනයක් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම ප්‍රකාශ නිසා ඇමෙරිකාව ඊට මැදිහත් වීමෙන් සිදුවන තර්ජන කලාපයේ සෙසු රටවලට දැඩිව බලපාන බවද සඳහන් කරයි.

ඇමෙරිකාව මීට පෙර ඇෆ්ගනිස්තානය, ඉරාකය ගල්ෆ් යුද්ධය ආදිය සඳහා මැදිහත් වීම ගැන චීනය දැඩි ලෙස අවධානය යොමු කර ඇත.

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම නිසා මතුව ඇති ගෝලීය අර්බුද සහ රුසියාවේ අසාර්ථකත්වය ගැන සලකා බලන විට චීනය හෝ ඇමෙරිකාව තායිවානය ආක්‍රමණය කිරීමද ඒ හා සමාන දෙයක් විය හැකි බවද විදෙස් මාධ්‍ය පවසයි.

ඒ අනුව තායිවානයට එරෙහි මෙහෙයුමක් ගැන චීනය නිතර සැලසුම් සකස් කිරීම කලාපයේ සාමයට දැඩි තර්ජනයක් යැයි ද වැඩිදුරටත් සඳහන් කරයි.

සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment