තායි තානාපති ඉඩමට හොර ඔප්පු හැදූ නීතිඥයා අත්අඩංගුවට

243

චමින්ද සිල්වා
 
 

කොළඹ 07 සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මාවතේ ඇති තායිලන්ත තානාපති කාර්යාලයට අයත් රුපියල් කෝටි 50 ක් පමණ වටිනා ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස්කර අලෙවි කිරීම සම්බන්ධයෙන් සිදුකළ පරීක්‍ෂණ අනුව ව්‍යාජ ඔප්පුව සකස් කළ බව කියන නීතිඥවරයා පෙරේදා (23 දා* අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
 
 කොළඹ 07 සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මාවතේ තානාපති කාර්යාලයට අයත් පර්චස් 20 ක පමණ ඉඩම ව්‍යාජ ඇටර්නි බලපත‍්‍රයක් සකස් කර ව්‍යාජ ඔප්පුවක් සකස්කර අලෙවි කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලක් මත එම ව්‍යාජ ඔප්පුව සකස් කළ සහ එය මිලදී ගත් පුද්ගලයා මීට පෙර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අතඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
 
 මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන තිබේ. එහිදී ලැබුණු උපදෙස් මත ව්‍යාජ ඔප්පුව සකස් කළ නීතිඥවරයා ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් පෙරේදා (23 දා* අත්අඩංගුවට ගෙන තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරන බවත් අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment